දකුණු කොරියාවට නව ජනාධිපතිවරයෙක්

දකුණු කොරියානු ජනාධිපතිවරණය පසුගියදා පැවැත්වුණු අතර විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකුණු කොන්වර්ටිව් පක්ෂයට නායකත්වය දෙමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ යූන් සුක් යියොල් එයින් ජයග්‍රහණය කර තිබෙනවා.

ජනාධිපති සටන පැවැත්වූයේ පාලක පක්ෂය ලෙස කටයුතු කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙහෙයවූ ලී ජේ මියුංග් හා යූන් සුක් යියොල් අතරේයි.

එය තියුණු සටනක් වූ අතර දෙදෙනා අතර පරතරය පැවැතියේ 1% ක ප්‍රතිශතයක් ලෙසයි.

අවසානයේ යූන් සුක් යියොල් ජයග්‍රාහකයා බවට පත්වීමෙන් පසුව ලී ජේ මියුංග් පරාජය බාර ගත් බව ද දකුණු කොරියානු පුවත් සේවා වාර්තා කරනවා.

ජීවන වියදම ඉහළ යෑම, ආර්ථික අර්බුද, විරැකියාව හා උතුරු කොරියාව සමග කටයුතු කිරීම ආදී අර්බුද රැසක් සමග නව ජනාධිපති යූන් සුක් යියොල් ට ගැටීමට සිදුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

POPULAR

Recent articles