තංගල්ල රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමේ කටයුතු පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය

හම්බන්තොට දිස්ත්‍රික් වෛද්‍යවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් තංගල්ල පෞද්ගලික හෝටලයක දී පවත්වා තිබෙනවා.

මෙහි දී අනාවරණය වී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල්වල අඩුපාඩු පවතින බවයි. එම අඩුපාඩු සම්බන්ධයෙන් වෛද්‍යවරු අග්‍රාමාත්‍යවරයාට පවසා තිබෙනවා.

එම සාකච්ඡාවේදී තංගල්ල රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමේ කටයුතු විධිමත් හා කඩිනම් වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුවූ බව පැවසෙනවා.

අමාත්‍ය චමල් රාජපක්ෂ, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීපිකා පටබැඳිගේ සහ රොහල් අධිකාරිවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබුණා.

POPULAR

Recent articles