“Anonymous” හැකර්වරුන් ඉතිහාසයේ දියත් කළ විශාලතම සයිබර් ප්‍රහාරය රුසියාවට එරෙහිව දියත් කරයි

ලොව සුප්‍රකට හැකර් කණ්ඩායමක් වන “Anonymous” විසින් රුසියානු රාජ්‍ය රූපවාහිනී සේවයට අනවසරයෙන් ඇතුල්වී එහි පාලනය තමන් සතුකර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් මිට පෙර “Anonymous” සයිබර් ප්‍රහාරක කණ්ඩායම විසින් රුසියාවට අනතුරු අඟවමින් කියා සිටියේ එම මිලේච්ජ ක්‍රියාවට එරෙහිව තම කණ්ඩායම ගත හැකි සෑම පියවරක් ගන්නා බවයි.

ඒ අනුව රුසියාවේ රාජ්‍ය මාධ්‍ය ආයතන වන Russia 24, Channel One සහ Moscow 24 රූපවාහිනී නාලිකාවල හැකර් ප්‍රහාරයක් එල්ල කිරීමට මෙම කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම රූපවාහිනී නාලිකා හරහා යුක්රේනයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වය ගැන දැක්වෙන වීඩියෝ ප්‍රදර්ශණය කිරීමට ඔවුන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

රුසියානු රජයේ මාධ්‍ය නාලිකා විසින් යුක්රේනයේ ඇතිව තිබෙන යුදමය තත්ත්වයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ බටහිර රටවල උසි ගැන්වීම නිසා නාසි ජාතිකවාදීන්ගේ නායකත්වයෙන් හා නේටෝවේ සහයෙන් ඇතිවූ යුද්ධයක් බවත්, කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් රුසියාව මානුෂික මෙහෙයුමක් දියත් කර ඇති බවයි.

කෙසේ වුවද මෙම මෙහෙයුම් සම්බන්ධයෙන් රුසියාවේ බහුතරයක් ජනතාව දැඩි විරෝධය පළකර සිටිනවා.

මේ හේතුවෙන් යුක්රේනයේ ඇතිවී තිබෙන සැබෑ තත්ත්වය රුසියානුවන්ට දැකබලා ගැනීමට ඉඩ සැලසීම සඳහා තමන් මෙතෙක් ඉතිහාසයේ දියත් කළ සුවිශාලම සයිබර් ප්‍රහාරක මෙහෙයුම දියත් කර ඇති බවයි “Anonymous” සයිබර් ප්‍රහාරක කණ්ඩායම සඳහන් කර සිටින්නේ.

POPULAR

Recent articles