යුක්රේනය හැරගිය 80 000 ක් ආපසු පැමිණෙයි

විදේශගතවී සිටින යුකරේන වැසියන් 80 000 ක් රුසියන් හමුදා සමඟ හටන් වැදීමට යුක්රේනය බලා යළි පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වුවද මේ වනවිට ලක්ෂ 6 කට වැඩි යුක්රේන සිවිල් වැසියන් පිරිසක් සරණාගතයන් ලෙස රුසියන් ප්‍රහාර හමුවේ අසල්වැසි රටවලට ගොස් තිබෙනවා.

එම වැසියන්ගෙන් ද බොහෝ පිරිමි සිය දරුවන් හා බිරිද තනිකර රුසියන් හමහුදා සමඟ සටන් වැදීමට ආපසු යුක්රේනයට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

මේ අතර රුසියන් හමුදාව සමඟ සටනට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නැයි යුක්රේන ජනාධිපති සෙලෙන්සිකී කළ ඉල්ලීමට ප්‍රතිචාර දකිවමින් යුරෝපා රටවල කුලී හේවායන් පවා යුක්රේනයට පැමිණ ඇති බව වාර්තා වනවා.

යුක්රේන රජය පවසන්නේ මේ වනවිට එසේ පැමිණි විදෙස් සටන්කාමීන්ගෙන් සැදුම්ලත් ලක්ෂයක බලඇණියක් රුසියන් හමුදා සමඟ සටන් කිරීමට සූදානමින් සිටින බවයි.

POPULAR

Recent articles