පා පහර වීඩියෝ කළාට ලුතිනන් කර්නල්ගෙන් මරණීය තර්ජන

කුරුණෑගල, යග්ගහපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකදී යුධ හමුදා යුද හමුදාවේ ලුතිනන් කර්නල් වරයෙක් බව කියන අයෙකු නිරායුධ තරුණයෙකුට පා පහරක් දෙන වීඩියෝවක් ඊයේ (04) මාධ්‍ය වල පළකෙරුනා.

වාර්තා වන අන්දමට එම ලුතිනන් කර්නල්වරයා කුරුණෑගල, වැහැර යුද හමුදා කඳවුරේ සේවය කරන අයෙක්. මෙම පහරදීම පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පවසනවා.

මේ අතර මේ සිදුවීම සමබන්ධව අලුත්ම තොරතුර වන්නේ එම අවස්ථාව වීඩියෝ ගතකළ රසික හේරත් නමැති අයට මෙම ලුතිනන් කර්නල්වරයා මරණ තර්ජන කර තිබීමයි. ඒ හේතුවෙන් එම අය ඔහුගේ බිරිඳ සහ දරුවන් නිවසෙන් පිටකර වෙනත් තැනක රඳවා ඇති බවයි කියන්නේ. වරක් නොව දෙවරක්ම දුරකථනය ඔස්සේ මෙම ලුතිනන් කර්නල්වරයා බව කියන විරාජ් කුමාරසිංහ තමන්ට මරණ තර්ජන කළ බවයි රසික හේරත් පවසා ඇත්තේ.

මේ පිළිබඳව නීතිඥවරයෙකු මාර්ගයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන් සුදානම් බව අදාළ පහරදීම වීඩියෝ ගතකළ රසික හේරත් පවසා තිබෙනවා.

POPULAR

Recent articles