ඇමරිකාව හා බ්‍රිතාන්‍යය රුසියාවෙන් ඉන්ධන හා ගෑස් ආනයනය කිරීම තහනම් කරයි

රුසියාවෙන් ඉන්ධන, ගෑස් හා ගල්අඟුරු ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුසියානු තෙල් තවදුරටත් ඇමරිකානු වරායන් වෙත පිළිනොගන්නා බවත් පුටින්ට වඩා බලවතුන් සමග ඇමරිකාව ඉදිරියේදී කටයුතු කරන බවත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම බ්‍රිතාන්‍යය ද මේ වසර අවසන් වන විට රුසියාවෙන් ඉන්ධන ආනයනය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ රුසියාවෙන් සිදු කරන ගෑස් ආනයන තුනෙන් දෙකකින් කප්පාදු කිරීමටද යුරෝපා සංගමයේ අවධානය යොමුව ඇති බවයි.

POPULAR

Recent articles