ක්‍රිකට් පන්දුවේ කෙළ ගෑම තහනම් !

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දුව ඔප දැමීම සඳහා ඛේටය හෙවත් කෙළ භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ. කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා ඒ ඇතුළු තවත් තීරණ රැසක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගෙන ඇති බව සඳහන්ය.

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නිරන්තරයෙන් උපදෙස් ලබා දෙන්නේ එහි ක්‍රිකට් කමිටුව විසින්ය. ඒ අනුව කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හා සම්බන්ධව පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාවේ විය යුතු වෙනස්කම් පිළිබඳ සාකච්ඡාවක් අනිල් කුම්බ්ලේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.

ඛේටය හරහා වෛරසය ව්‍යාප්ති වීමට තිබෙන අවදානම පිළිබඳ අවධානය යොමු කරමින් පන්දුව ඔප දැමීම සඳහා ඛේටය භාවිතය සම්පූර්ණ ලෙසම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව ඒකමතිකව එකඟ වු බව එහි සභාපති පීටර් හාර්කෝට් පවසයි.

ක්‍රිකට් කමිටුවේ තවත් නිර්දේශයක් වුණේ සංචරණය සීමා කිරීම හේතුවෙන් සහ රට රටවල පවතින නිරෝධායන රෙගුලාසි හේතුවෙන් මධ්‍යස්ථ විනිසුරුවරුන්ගේ සේවයද තාවකාලිකව අත්හිටුවීමයි. ඒ අනුව කොටි කාලීනව ටෙස්ට්, එක්දින සහ 20යි 20 තරග සඳහා එම අදාළ රටේ නිලධාරීන් පත් කිරීමටත් පියවර ගැනෙනු ඇත. එහිදී ඒ ඒ ක්‍රිකට් රටාව අනුව දෙපිලම වෙනුවෙන් එක් ඉනිමක් සඳහා ලබා දෙන විනිසුරු තීරණය නැවත වීමසීම තවත් එක් අවස්ථාවකින් වැඩි කරන ලෙසද ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව යෝජනා කර තිබේ.

ඒ අනුව මෙම යෝජනා සියල්ල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒවා ක්‍රියාත්මක වීමට නම් ප්‍රධාන විධායක රැස් වීමේදී අනුමත විය යුතු බවත් ICC වෙබ් අඩවියේ සඳහන්ය.

More from author

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ...

එක රටක් – එක නීතියක් වාර්තාව ජනපති අතට

එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එහි...

“සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ”- වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය

සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් එස් .ටී. කොඩිකාර සඳහන් කරන්නේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

සමිත දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්

පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ අනුව ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරඟයේදී...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පළායයි

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවා සිටි රැඳවියන් 600ක් පමණ ඉන් පළා ගොස් තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ...

චීනයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහල් ප්‍රදානයක්

චීනය විසින් සහල් මෙට්‍රික්ටොන් 1,000ක තොගයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රදානය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ බාහාලුම් 44කින් රැගෙන ආ මෙම සහල් තොගය...