මානව හිමිකම් කොමිසම ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය හෙළා දකියි

ගාලුමුවදොර සාමකාමී මහජන විරෝධතාකරුවන්ට අද (22) අලුයම ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරය හෙළා දකින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ විධායකය විසින් ගන්නා ලද එම ක්‍රියාමාර්ගය මහජනතාවගේ මූලික අයිතිවාසිකම් මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් බවයි.

අපරාධකරුවන් හඳුනාගෙන සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද, හමුදාවේ එවැනි ක්‍රියාමාර්ග හෝ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රාජ්‍ය පාලනය තුළ ගන්නා කිසිඳු ක්‍රියාමාර්ගයක් යළි කිසිදා නොගන්නා බවට සහතික කරන ලෙසද, මානව හිමිකම් කොමිසම රජයට දැනුම් දී තිබෙනවා.

නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම සහතික කිරීම සඳහා මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

POPULAR

Recent articles