“ඩීසල් හිගයට ප්‍රධාන හේතුව ගම්මන්පිල ඇමතිවරයාගේ කට මිස වැඩ නැති කෙරුවාවයි” – මහින්ද පතිරණ

මෙරට ඇති වී තිබෙන ඩීසල් හිගයට ප්‍රධාන හේතුව විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිලගේ කට මිස වැඩ නැති කෙරුවාව බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති, ආචාර්ය මහින්ද පතිරණ කියා තිබෙනවා.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ මෙවන් පුද්ගලයන්ට තීරණාත්මක ඇමතිධුර දීමෙන් ආණ්ඩුව කර ඇත්තේ විශාල වරදක් බවයි.

“ඩීසල් හිගයට ප්‍රධාන හේතුව ගම්මන්පිල ඇමතිවරයාගේ කට මිස වැඩ නැති කෙරුවාවයි. අත්දැකීම් නැති හුදු කටකාරකම පමණක් ම ඇති මෙවැනි පුද්ගලයින්ට තීරණාත්මත ඇමතිකම් දීමෙන් ආණ්ඩුව කර ඇත්තේ විශාල වරදකි” යි ඔහු පවසනවා

POPULAR

Recent articles