“භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කරන්න” – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

සියලු ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නො වීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

භාණ්ඩ හිඟයක් මවා පාමින් මිල ඉහළ නැංවීමට ඇතැම් ව්‍යාපාරිකයන් සංවිධානාත්මකව දරන උත්සාහය ඉන් වැළැක්විය හැකි බවයි ඔහු කියා ඇත්තේ.

තොග වෙළෙඳපොළට බෙදාහරින කෘෂි අස්වනු කොටසක් ග්‍රාමීය වෙළෙඳසලට සෘජුව ම ලබාදෙමින් එමඟින් සිදු වන ප්‍රවාහන වියදම අවම කර ග්‍රාමීය පාරිභෝගිකයාට අඩු මිලකට භාණ්ඩ ලබා ගැනීමටත්, ගොවියාට ඉහළ මිලක් ලබා ගැනීමටත් හැකි වෙතැයි ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

පවතින තත්ත්වය ප්‍රයෝජනයට ගෙන අසාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරෙන වෙළෙඳාම පිළිබඳ දැඩි අවධානයෙන් පසු වන ලෙසත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබාදුන් බව පවසනවා.

දිවයින පුරා පිහිටි සතොස සහ සමූපකාර වෙළෙඳසල් සක්‍රීයව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සහ වෙළෙඳුන්ගේ අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට ඉඩ නො දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කළ යුතු බවට මෙම නිලධාරී හමුවේ දී දීර්ඝව සාකච්ඡා කර තියෙනවා.

POPULAR

Recent articles