බැසිල්ට නොතීසි

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය උලපනේ සුමංගල හිමි විසින් ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය, බැසිල් රාජපක්ෂට ලබන මැයි මස 12 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතිසියක් මගින් දැනුම් දෙන ලෙසට පෙත්සම්කරුවන්ට අද (16) යළිත් නියෝග කර තිබෙනවා.

දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි, බරපතල වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා හා සුරාජ් වල්ගම යන අය විසින් ගොනුකරනු ලැබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස නම්කරනු ලැබ සිටිනේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා හා නිතිපතිවරයා යි.

මුදල් අමාත්‍යවරයා ඇමරිකානු පුරවැසියෙක් වන අතර, වෙනත් රටක පුරවැසියෙකුට මෙරට මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ නොහැකි බවත්, එය ව්‍යවස්ථාව උල්ලංඝණය විමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය උල්ලංගණය වීමක් බව ද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉදිරිපත් කර තිබෙනවා.

POPULAR

Recent articles