“රුසියාවේ ප්‍රකාශය අසත්‍යක්” – ඇමරිකාව

යුක්‍රේන දේශසීමාවෙන් හමුදා ඉවත් කරන බවට රුසියාව කරන ප්‍රකාශය අසත්‍ය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව පසුගිය දින කිහිපයේ පමණක් අමතර භට පිරිස් 7,000 ක් යුක්‍රේන දේශසීමාවට පැමිණ ඇති බව ඔවුන් වාර්තා කරනවා.

එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාවට ඕනෑම මොහොතක යුක්‍රේනය ආක්‍රමණය කිරීම සඳහා හැකියාවක් ඇති බවයි.

මේ අතර යුද අභ්‍යාස නිමවීමෙන් පසු යුක්‍රේන දේශසීමාවෙන් හමුදා ඉවත් කරන බව රුසියාව පවසා ඇති අතර කෙසේ නමුත් බටහිර රටවල නිලධාරීන් පවසන්නේ එම ප්‍රකාශය සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

POPULAR

Recent articles