Home Blog Page 6

ඇලෝසියස්ට සිතාසි

0

රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැරහැරීමේ සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට ලබන 03 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ විසිනුයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවකට අදාළව අධිකරණය විසින් මෙලෙස සිතාසි නිකුත් කර තිබෙනවා.

මෙම නඩුව ගොනුකර ඇත්තේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් එකසිය හැට හත් රුපියල් කෝටි 532 (5,328,428,555/=) බදු මුදලක් නොගෙවා පැහැර හැරීමෙන් රජයට වංචාවක් සිදුකළේ යැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එහි අධ්‍යක්ෂ ධුරය දරන අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිවයි.

”අනුමැතිය කවදා ලැබෙයිද දන්නේ නෑ” – IMF

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවන කාලවකවානුව සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බව එම අරමුදල පවසනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රෝයර් සහ ශ්‍රී ලංකා දූත ප්‍රධානි මසහීරෝ නොසාකි, සඳහන් කර ඇත්තේ ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීම මත එය රඳා පවතින බවයි.

ශ්‍රී ලංකාවට හැකි ඉක්මනින් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වන පරිදි ක්‍රියාවලියට සම්බන්ධ සියලුම පාර්ශ්ව කඩිනමින් කටයුතු කළ යුතු බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

කාර්යමණ්ඩල මට්ටමින් අනුමැතිය ලැබී ඇති ඩොලර් බිලියන 2.9 සඳහා මේ වසරේ දෙසැම්බර් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවෙතැයි ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවෙන් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ වාර්තාවක් මඟින් පෙන්වා දෙනවා.

කොළඹ වරාය නොසලකමින් අලුත් නැව් සේවාවක්

0

කොළඹ වරාය මගහරිමින් බංග්ලාදේශයේ චිතගොං සහ ඩුබායි අතර සෘජු බහාලුම් නැව් සේවාවක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ බව බංග්ලාදේශ ජනමාධ්‍ය වාර්තා කරනවා. ඩුබායි සිට ආනයනය කෙරෙන භාණ්ඩ මේ වන විට චිතගොං වෙත පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ වරාය හරහායි. එම භාණ්ඩ තොග මව් යාත්‍රාවලින් ගොඩබා පසුව කොළඹ පිහිටි කුඩා පෝෂක යාත්‍රාවලට පටවනු ලබනවා. අපනයන භාණ්ඩ තොග කොළඹ හරහා ද ඩුබායි වෙත යවනු ඇති.

සයිෆ් පවර්ටෙක් ලිමිටඩ් (Saif Powertec Limited) නම් සමාගමක් විසින් මෙලෙස චිතගොං සහ ඩුබායි අතර මාර්ගයේ සෘජු බහාලුම් නැව් සේවාවක් දියත් කිරීමට සූදානම්වන බව වාර්තා අනාවරණය කර තිබෙනවා. එහිදී නෞකා ගමනාගමන කාලය, දැනට පවතින දින 45 සිට දින 18 දක්වා අඩු කිරීම සහ භාණ්ඩ ප්‍රවාහන පිරිවැය, අඩි 20 බහාලුමකට ඩොලර් 150-200 කින් අඩු කරගැනීමට සැලසුම් කර තිබෙනවා. The Business Standard පුවත් සේවය වාර්තා කරයි.

”අපිටත් බෑ” – උත්තර ලංකා

0

රනිල් වික්‍රමසිංහගේ අදහසක් මත පාර්ලිමේන්තුවේ දී අනුමත වූ ‘ජාතික සභාව’ ට තමන් සහභාගීවන බව මුලින්ම විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ කණ්ඩායම පවසා සිටියා.

ඒ සම්බන්ධව තම කණ්ඩායමේ මන්ත්‍රීවරු 6 දෙනෙකු එයට නම් කරනු ලැබුවා. ඒ විමල් වීරවංශ (පොහොට්ටුවේ මන්ත්‍රී – ජාතික නිදහස් පෙරමුණ), උදය ගම්මන්පිල (පොහොට්ටුවේ මන්ත්‍රී – පිවිතුරු හෙළ උරුමය), වීරසුමන වීරසිංහ (පොහොට්ටුවේ මන්ත්‍රී – ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය), මහාචාර්ය තිස්ස විතාරණ (පොහොට්ටුවේ මන්ත්‍රී – සම සමාජ පක්ෂය), වාසුදේව නානායක්කාර (පොහොට්ටුවේ මන්ත්‍රී – ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ) සහ අතුරලියේ රතන හිමි (පොහොට්ටුවේ මන්ත්‍රී – අපේ ජන බල පක්ෂය) යන අය යි.

එහෙත් අද (29) දින කතානායකවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ‘ජාතික සභාව’ ට තමන් සහභාගී නොවන බව යි මේ අය පවසන්නේ.

“ආණ්ඩුව පිහිටුවනු ලැබ තිබෙන “ජාතික සභාව” රට ගොඩගැනීමේ භූමිකාව හිමිකර ගත් ආයතනයක් වනවා වෙනුවට, ආණ්ඩුවේ වගකීම් විරහිත හා අශිෂ්ට භාවිතාව සරසන පිරුවටයක් ලෙසට පමණක් ක්‍රියාකරන ආයතනයක් බවට පත්වනු ඇති බව අපගේ නිගමනයයි. එවන් කාර්යකට දායක වීමෙන් රටට, ජනතාවට යහපතක් සැලසෙනු ඇතැයි අපි නොසිතමු. එබැවින් පිහිටුවනු ලැබ තිබෙන ඊනියා ජාතික සභාවට උත්තර ලංකා සභාගය නියෝජනය කරන පහත සදහන් පක්ෂවල කිසිදු නියෝජිතයකු සහභාගි නොවන බව ඔබතුමා වෙත මෙයින් දන්වා සිටිමු” යි අද දිනයේ කතානායකවරයා අමතමින් ලිපියක් ලියමින් ඔවුන් පවසා තිබෙන්නේ.

අදාළ ලිපිය –

මැති ඇමැතිලාගේ ගෙවල් දැවූ ගින්නෙන් පොලිසියටත් දරුණු බලපෑම්

0

“මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ 2022.09.27 දිනැති අංක 02/08/ධෂක්‍/ඔ/02/2022 ලිපියේ සඳහන් අනුමැතිය පරිදි පහත සඳහන් ස්ථානමාරු කිරීම රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝග කරමි” යනුවෙන් ලිපියක් මගින් අද (29) දින මෙතෙක් රාජකාරි කළ පොලිස් ස්ථාන වෙතින් වෙනත් පොලිස් ස්ථාන වෙත මාරු කළ පොලිස් නිලධාරීන්ගේ නාම ලේඛනය අප වෙත ලැබී තිබෙනවා.

මෙම හදිසි මාරු කිරීමට හේතුව ලෙස පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ පසුගියදා දේශපාලකයන්න්ගේ ගෙවල් ගිනි ගන්නා අවස්ථාවේ ඒ ඒ පොලිස් බල ප්‍රදේශවල රාජකාරි කළ ස්ථානාධිපතිවරු 23 දෙනා මෙලෙස ස්ථාන මාරුවට ලක්ව තිබෙන බවයි. මෙම නාම ලේඛනයට අත්සන් තබා ඇත්තේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න විසින්.

  1. පො.ප. එච්. ජේ. මුත්තෙට්ටුතැන්න – උසිලන්කුලම පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා කැලණිය කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 195 (viii) වගන්තිය යටතේ).
  2. ප්‍ර.පො.ප. ආර්. එල්. එල්. විජේරත්න – අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා කුලියාපිටිය කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  3. පො.ප. කේ. ඩී. පී. සිරිවර්ධන – මිහින්තලේ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා පානදුර කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  4. ප්‍ර.පො.ප. ආර්. එම්. සී. රත්නායක – මින්නේරිය පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා සීතාවකපුර කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  5. ප්‍ර.පො.ප. ටී. එම්. ඩී. බී. තල්වත්ත – වාරියපොල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා කෑගල්ල කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  6. ප්‍ර.පො.ප. ආර්. එම්. ජයවීර – කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා නිකවැරටිය කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  7. ප්‍ර.පො.ප. ඩබ්. වසන්ත කුමාර – දන්කොටුව පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා නිකවැරටිය කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  8. ප්‍ර.පො.ප. ආර්. ආර්. එම්. වසන්ත කුමාර – හෙට්ටිපොල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා හලාවත කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  9. ප්‍ර.පො.ප. ඒ. ඒ. කේ. එස්. අධිකාරී – කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා කෑගල්ල කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  10. ප්‍ර.පො.ප. එස්. සී. රංජිත් – නාරම්මල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා මීගමුව කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  11. ප්‍ර.පො.ප. ආර්. පී. ඒ. ප්‍රියන්ත – දොම්පෙ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා කැලණිය කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  12. ප්‍ර.පො.ප. ටී. එච්. වික්‍රමරත්න – හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්‍ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා පානදුර කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  13. පො.ප. ජේ. එම්. පී. අබේරත්න – කැස්බෑව පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා පානදුර කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  14. ප්‍ර.පො.ප. එච්. හැරිසන් – කොහුවල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා පානදුර කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  15. ප්‍ර.පො.ප. එච්. පී. එල්. ප්‍රදීප් – කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා සීතාවකපුර කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  16. ප්‍ර.පො.ප. එච්. කේ. එස්. ශාන්ත – කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා කොළඹ දකුණ කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  17. ප්‍ර.පො.ප. ඩබ්. ටී. ආර්. පී. වත්තේගම – මීගමුව පොලිස් පරීක්‍ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා නුගේගොඩ කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  18. ප්‍ර.පො.ප. පී. බී. අනුර රණවීර – ලග්ගල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා පොළොන්නරුව කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  19. ප්‍ර.පො.ප. ආර්. ඩබ්. ඩබ්. එම්. ආර්. ටී. පී. – මහනුවර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක තනතුරේ සිට හලංගොඩ සාමාන්‍ය රාජකාරි සඳහා කුරුණෑගල කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  20. ප්‍ර.පො.ප. ඒ. ඩී. කාරියවසම් – තිස්සමහාරාමය පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා කළුතර කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  21. ප්‍ර.පො.ප. එච්. වී. එම්. ඒ. කරුණාරත්න – පිටිගල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා ගල්කිස්ස කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  22. ප්‍ර.පො.ප. එච්. පී. එන්. කුලතුංග – කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා ගම්පහ කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  23. පො.ප. එම්. කේ. ජගත් කුමාර – කොළොන්න පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා මාතර කොට්ඨාසය වෙත (රා.සේ.කො. සභා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 222 (ii) වගන්තිය යටතේ).
  24. ප්‍ර.පො.ප. ඩබ්. වී. ඒ. ඩී. පී. පෙරේරා – චීනවරාය පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා කැබිතිගොල්ලෑව කොට්ඨාසය වෙත.

”ඇමරිකාවේ රාජ්‍ය සේවකයන්ටත් එහෙම තමා” – විමල් වීරවංශ

0

රටක රාජ්‍ය සේවය වින්‍යානුකූල විය යුතු බව උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටිනවා.

රාජ්‍ය සේවකයින් සඳහා සමාජ මාධ්‍ය ජාලාවල ආණ්ඩු විරෝධී මත ප්‍රකාශ කිරීම තහනම් කිරීම සාධාරණ බවත් ඔවුන් වැඩ කරන්නේ රාජ්‍යයට බවත් විධායක මට්ටමේ නිලධාරීන්ටද දේශපාලන අයිතිය නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇමරිකාවේද රාජ්‍ය නිලධාරීන්ටද රාජකාරී වේලාව තුළ සමාජ මාධ්‍ය වෙත පිවිසීමට නොහැකි බවත් ඔවුන් අදාළ දුරකථන භාවිතා කරමින් සිදුකරන දේවල්ද අධීක්ෂණය කරන බවයි.

පත්තරේ දාන දුක හොයන්න ඒකකයක්

0

ජනතා ගැටලු ගැන මාධ්‍යයේ පළවන පුවත් වල ඇත්ත නැත්ත බලා එම ගැටලු කඩිනමින් විසඳීම සඳහා නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශය තුළ ස්ථාපිත කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ දෛනික අවධානය යොමු වන ජනතා ගැටළු වලට විසඳුම් ලබා දීම මෙහි මූලික අරමුණයි.

තොරතුරු දැන ගැනීම සඳහා වූ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මෙම වැඩසටහන පැවැත්වුණා.

එහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහජන ගැටලු කඩිනමින් විසඳීම අරමුණු කරගත් ‘‘ප්‍රතිචාර” නමැති නව වෙබ් පිටුව ( pmd.gov.lk/counter-disinformation-unit ) ද ජනගත කරනු ලැබුවා.

ජනාධිපති කාර්යාලය පවසන්නේ වැරදි තොරතුරු ජනගත වීම නතර කොට සත්‍ය‍ ජනගත කිරීම නව ඒකකයේ තවත් අරමුණක් බවයි.

මෙම වැඩසටහනේදී අදහස් දැක්වු ආචාර්ය රංග කලන්සුරිය සඳහන් කළේ තොරතුරු දැනගැනීමේ පනතින් හදුන්වා දුන් පරිදි රාජ්‍ය තොරතුරු ජනතාව ඉල්ලා සිටීමටත් පෙර ප්‍රසිද්ධ කිරීම මගින් වැරදි තොරතුරු වලින් සමාජයට වන හානිය අවම කළ හැකි බවයි.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක,ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ (කර්තෘ මණ්ඩල) ඩී. එම්. පියසේන යන අය ද සහභාගී වුණා.

වයස 05 ට අඩු ළමයි ඉන්නවා නම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවෙන්න

0

පසුගිය මාසයේදී බර කිරීමට ලක් කළ මෙරට අවුරුදු 05ට අඩු දරුවන් අතරින් 14.6% ක් අඩු බර දරුවන් ලෙස වාර්තා වී තිබෙනවා.

පවුල් සෞඛ්‍ය කාර්යංශයේ විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරිආරච්චි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ අවුරුදු 05 ට අඩු දරුවන් සිටි නම් ළඟම ඇති පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී දරුවාග් උස, බර, දිග මැනගන්නා ලෙසයි.

දිස්ත්‍රික්ක මට්ටමින් ගත් විට අඩු බර දරුවන්ගේ වාර්තා කිරීම වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනුයි.

දෙවනුව වව්නියාව දිස්ත්‍රික්කයෙන් හා තෙවනුව අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරිආරච්චි පෙන්වා දෙනවා.

”ඔය කියන මන්දපෝෂණයක් නෑ” – අජිත් රාජපක්ෂ

0

සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණය ඉතා ඉහළ මට්ටමක ඇතැයි පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රී, නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ පවසා තිබෙනවා.

සූරියවැව ප්‍රදේශීය සෞඛ්‍ය තත්වය ලංකාවේ වෙනත් දිස්ත්‍රික්කවලට වඩා ඉහළ තැනක ඇතැයි තමන් පෞද්ගලිකව කළ සොයා බැලීමේදී හෙළි වූ බව ඔහු පවසනවා.

“ඔය කියන මන්දපෝෂණය, ඔය කිසිදෙයක් නෑ. ඔය දොස්තර මහත්තයෙක් හුදෙකලා තැනක කියපු ප්‍රකාශයක් තමයි, මාධ්‍ය තුළ ලොකුවට ගෙනාවේ. අපි පෞද්ගලිකව හොයලා බැලුවා, සමස්ත ලංකාවේ තියෙන සාමාන්‍ය සෞඛ්‍ය මට්ටමයි සූරියවැව තියෙන සෞඛ්‍ය මට්ටමයි ගත්තාම සූරියවැව ලංකාවේ වෙනත් දිස්ත්‍රික්කවලට වඩා ඉතාමත් ඉහළ තැනක තියෙනවා.

පෞද්ගලික කාරණා මුල් කරගෙන සමහර ඒවා කේන්ද්‍රීය කරගෙන කරන ප්‍රකාශත් එක්ක තමයි ඕවා වෙන්නෙ. මේ තියෙන ආර්ථික ප්‍රශ්නයේ දී නගරයේ මිනිස්සු තමයි උපරීම පීඩිත වෙලා තියෙන්නේ” යැයි මන්ත්‍රීවරයා පවසනවා.

”ශ්‍රී ලාංකිකයින්ගේ ආහාර වේල අවිනිශ්චිතයි” – ලෝක ආහාර වැඩසටහන

0

ශ්‍රී ලංකාවේ සෑම පවුල් 10කින් පවුල් 04ක්ම ප්‍රමාණවත් නොවන ආහාර අනුභව කරන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා.

එම වැඩසටහන පෙන්වා දෙන්නේ, උඩු දුවන ආර්ථික අර්බුදය මෙරට ආහාර සුරක්ෂිතතාවයට දිගින් දිගටම තර්ජනයක් වන බවත්, ඉහළ යන ආහාර හා ඉන්ධන මිල ගණන් හේතුවෙන් මෙලෙස ජනතාව ආහාර අනුභවයෙන් ඉවත්ව යමින් සිටින බවයි.

එමෙන්ම ඉදිරියේදී මෙරට තත්ත්වය තවත් අයහපත් තත්ත්වයට පත්විය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවනවා.

ශ්‍රී ලාංකිකයන් අතර ආහාර වේල අවිනිශ්චිත තත්ත්වයක පවතින බව අවධාරණය කරමින් ලෝක ආහාර වැඩසටහන පවසන්නේ, රට පුරා ආහාර මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් බොහෝ දෙනා විවිධත්වයෙන් අඩු ආහාර පරිභෝජනයට නැඹුරුව ඇති බවයි.