Home Blog Page 5

”අපිට පුළුවන්ද රෙද්දක් ඇඳගෙන ඒකට යන්න” – හේෂා විතානගේ

0

තමන්ට ආරාධනා කළ පළියට තමන් කිසිවෙක් රනිල් වික්‍රමසිංහගේ ජාතික සභාවට යා යුතු නැති සමගි ජන බලවේගයේ මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා.

ඊයේ (29) පැවති ජාතික සභාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සමඟ චම්පික රණවක යන මන්ත්‍රීවරු සහභාගී වී තිබුණා.

“අපිට ආරාධනා කළ පළියට අපිට පුළුවන්ද රෙද්දක් ඇඳගෙන ඒකට යන්න. රනිල් වික්‍රමසිංහත් එක්ක ඔතන හිටගන්න පුළුවන්ද. ජාතික සභාව කියන්නේ හොර ගුහාවක් ආරක්ෂා කරන මණ්ඩපයක්, කණ්ඩායමක්. ඒ නිසා විශේෂයෙන්ම මේ රටේ ජනතාවට අපි කියනවා සජබ මේ රටේ පොදු ජනතාවගේ අවශ්‍යතාව ඉටු කීමේ යුතුකම වෙනුවෙන් තමයි පෙනී සිටින්නේ.

රනිල් වික්‍රමසිංහගෙන් යැපිලා, රනිල් වික්‍රමසිංහගේ අරමුණු වෙනුවෙන් පිටිපස්සේ ඉඳගෙන සහයෝගය දක්වන්නේ කව්ද කියන එක රටේ ජනතාව තෝරාගන්න කියන එක තමයි අපිට මතක් කරලා දෙන්න තියෙන්නේ” යි මන්ත්‍රීවරයා පවසනවා.

ඉන්ධන පරික්ෂා කිරීම් ඇරඹේ

0

දිවයිනේ තෝරාගත් ඉන්ධන පිරවුම්වල, ඉන්ධන වල ප්‍රමිතිය පරික්ෂා කිරීමේ කටයුතු අද (30) දිනයේ සිදුකෙරෙනවා.

මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව මෙම පරික්ෂා කිරීම් ආරම්භ කළ බවයි.

පෙට්‍රල් නිකුත් කිරීමේදී ලීටරයකින් 1.2%ක් අඩුවෙන් නිකුත්කළ ඉන්ධන පිරවුම්හලක පොම්ප 02ක් මුද්‍රා තැබීමට ඊයේ (29) මහජන උපයෝගීතා කොමිසම කටයුතු කරනු ලැබුවා.

CEYPETCO වර්ජනයකට සැරසෙයි

0

අළෙවියට සාපේක්‍ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටමෙන් කොටසක් බද්දක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිලදීගැනීමට තැන්පත් කරන මුදලින් අයකරගත හොත් ඉන්ධන ඇනවුම කිරීම නතර කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පවසනවා.

ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් වෙත ඉන්ධන අලෙවියට සාපේක්ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටම මුදලින් 45% ක් මාසික පරිහරණ ගාස්තුව ලෙස අයකර ගැනීමට සංස්ථාව ගෙන ඇති අත්තනෝමතික තීරණයට බෙදුම්කරුවන් විරෝධය පළකරන බවත් සියලුම සංස්ථා පාලිත බෙදුම්කරුවන් සංස්ථාවට 0.25% ක මාසික ගාස්තුවක් ද මේ වන විටත් ගෙවන බවත් ඔහු කියා සිටිනවා.

සංස්ථාව බෙදුම්කරුවන්ට ගෙවන වට්ටම මුදල සීමා කිරීමට ගන්නා උත්සාහය බෙදුම්කරුවන් සිව්දෙනෙකු බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය වෙතින් ලබාගෙන ඇති වාරණ නියෝගයකින් අත්හිටුවා ඇති බව කී ඔහු එසේ තිබියදී දැනටමත් ගෙවා ඇති වට්ටම මුදලින් අයකර ගැනීමට සංස්ථාව කටයුතු කරන බව දැනුම්දී ඇති බව ද පෙන්වා දෙනවා.

මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අධිකරණ නියෝගයට පටහැනි බැවින් අධිකරණයට අපහාස කිරීම යටතේ නැවත නඩුවක් පවරණ බව ද කපිල නාඔටුන්න වැඩි දුරටත් පවසනවා.

හෙට (01) සත්තු වත්ත නොමිලේ

0

ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් හෙට (01) සියලුම ළමයින්ට හා අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට සත්වෝද්‍යාන වලට නොමිලේ ඇතුළු වීමට හැකි බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ලෝක ළමා දිනය මෙන්ම ලෝක වැඩිහිටි දිනය ද ඔක්තෝබර් 01 දිනට යෙදී තිබෙනවා.

මෙම දිනය සමරමින් පාසල් දරුවන්ට හා අවුරුදු 60 ඉක්ම වු වැඩිහිටියන්ට සියලුම සත්වෝද්‍යානවලට නොමිලයේ ඇතුලු වී විනෝද වීමට අවස්ථාව සළසන්නැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත්තේ සියලුම සත්වෝද්‍යානවලට දරුවන්ට හා වැඩිහිටියන්ට නොමිලයේ ඇතුල් වීමට අවස්ථාව ලබා දීමටයි.

එමෙන්ම මෙම සත්වෝද්‍යානවල දී දරුවන්ට සතුන් පිළිබඳ අධ්‍යාපනික දැනුම ලබා දීමට අධ්‍යාපනික වැඩ සටහන් රැසක් සංවිධානය කර ඇති අතර දරුවන්ට හා වැඩිහිටියන්ට විනෝද වීමට අවස්ථාව ලබා දෙමින් සතුන්ට ආහාර දීමට හා සතුන් සමග ඡායාරූප ගැනීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා.

සත්වෝද්‍යාන වෙත පැමිණෙන දරුවන්ට විස්කෝතු වර්ග හා අයිස්ක්‍රීම් නොමිලයේ ලබා දීමට ද අනුග්‍රාහක ආයතන රැසක් මෙවර ඉදිරිපත්ව සිටින බව ද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.

මහින්ද රාජපක්ෂ නව රාත්‍රිය සමරයි

0

නව රාත්‍රී සැමැරුම් පූජාව යනු දුර්ගා, ලක්ෂ්මි සහ සරස්වතී යන දේවතාවියන් උදෙසා පැවැත්වෙන හින්දු ආගමික උත්සවයක්. එය මෙවර යෙදී තිබුණේ පසුගිය 28 වෙනිදා යි. එදින හිටපු ජනාධිපති, ඉල්ලා අස්වූ අගමැති, පොහොට්ටුවේ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ විසින් සමරා තිබුණා. ඒ ඔහුට හිමි හිටපු ජනාධිපති නිල නිවසේ දී යි.

එම උත්සව අවස්ථාවට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන හින්දු අන්තවාදී දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි ද සහභාගී වී තිබෙනවා.

”අපේ සීමාව තමයි අහස” – ඉන්දීය මහ කොමසාරිස්

0

ඉන්දීය තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ ක්‍රියාදාමයන් ශ්‍රි ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ඉවහල් වූ බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ කියා සිටිනවා.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මේ බව සඳහන් කර සිටියේ ඉන්දීය තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ වැඩසටහන සහ ශ්‍රී ලංකාව අතර පවතින හවුල්කාරීත්වය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමිනුයි.

ඔහු එහිදී කියා සිටියේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවික සහයෝගීතාවයේ සීමාව “අහස” බවයි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනය සහ නිපුණතා පුහුණුව සම්බන්ධයෙන් වූ සහයෝගීතාව වැඩිකර ගැනීමට ද ඉදිරියේ දී අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

”බදු වැඩිකරන්න ඕනේ” – රංජිත් සියඹලාපිටිය

0

මෙරට බදු ආදායම ලෝක තත්වයට සාපේක්ෂව ඉතාම පහළ අගයක බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියන්නේ. ඒ නිසා ඉතා ඉක්මනින්ම බදු ආදායම 15%ක ප්‍රමාණය දක්වා ඉහත දමා ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු පවසනවා.

එහිදී සෘජු බදු වැඩි කරගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා. මේ හේතුවෙන් ඉදිරියේදී සුවිශාල බදු ප්‍රතිසංස්කරණ රාශියක් පැමිණීමට නියමිත බව ඔහු පවසනවා.

ජාතික රෝහල ටිකෙන් ටික ලෙඩ වෙයි

0

ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි බොහෝ ජීව රසායන පරීක්ෂණ, ඒ සදහා ප්‍රතික්‍රීයක නොලැබීම නිසා නවතා දමා ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් පවසනවා. ඒ හේතුවෙන් රෝගීන්ව ජාතික රෝහල අවට ඇති පෞද්ගලික රසායනාගාර වෙත යොමු කරවමින් සිටින බවත්, ඇතැම් රසායනාගාර සමඟ ජාතික රෝහලේ ඉහල නිලධාරීන්ගේ සෘජු සම්භන්ධතා පවතින බැවින්, කිසිවෙක් මෙම තත්වයට පිළියම් යෙදීමට උත්සාහ නොකරන බවත්, ජාතික රෝහල් අභ්‍යන්තර තොරතුරු මගින් තහවුරු වෙන් බවයි ඔහු කියන්නේ.

පෞද්ගලික රසායනාගාර වෙත පරීක්ෂණ යොමු කිරීම ජාවාරමක් ලෙස සිදු කෙරෙන බැවින් ඇතැම් පාර්ශවයන් සදහා එමගින් ලැබෙන යම් යම් වාසි ලැබෙන බැවින් ඊට පිළියම් යෙදීම පසෙක තබා අධ්‍යක්ෂකවරයා පවා මේ පිළිබදව නොදැනුවත් බවකින් සිටින සේ කටයුතු කරණ බව රවී කුමුදේශ් මහතා සනදහන් කරනවා. ඒ හේතුවෙන් රෝගීන් දැඩි අර්බුධයකට ලක්ව ඇති අතර, මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි පරිදි දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවද වාර්ථා වෙනවා.

ALT, AST, Bilirubin, Creatinine, Cholesterol, HDL, ALP Protein, Magnesium, Calcium, Amylase, TSH, වැනි අත්‍යවශ්‍ය පරීක්ෂණ ඒ අතර වන බවත්, හදිසි හා අත්‍යාවශ්‍ය සේවා රසායනාගාරයේ සිදු කල හැකි උපරිම සංඛ්‍යාව පරීක්ෂණ දෙක තුනකට සීමා වී ඇති බවත්, එම පරීක්ෂණද සිදු කරනු ලබන්නේ රෝහල තුළම නිපදවා ගන්නා ප්‍රතික්‍රීයක භාවිතයෙන් බවත් වාර්තා කෙරෙනවා.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ ප්‍රතික්‍රීයක නැතිවීමට හේතුව මුදල් නොමැතිකමටත් වඩා, ඇතැම් විශේෂඥයින් තමන් කැමති සමාගමෙන් පමණක් ප්‍රතික්‍රීයක් ලබා ගැනීමේ දැඩි ඒකාධිකාරයක් පවත්වා ගැනීම බවයි. ජාතික රෝහල සඳහා ලබා ගැනීමට උත්සාහ කරනු ලබන ඇතැම් ප්‍රතික්‍රීයක ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය පවා නොලැබූ ඒවා වන බැවින්, එම සියලු කටයුතු අවසන් වන තුරු රෝගීන්ට පරීක්ෂණ නොකොට බලා සීටීමට සිදුව ඇති බවද, ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සහිත සමාගම් රැසක් තිබියදී සහ ඒවායෙන් වඩා ලාභදායී ලෙස ප්‍රතික්‍රීයක ලබා ගැනීමට හැකිව තිබියදී, ඒවා දැඩිව ප්‍රතික්ෂේප කරමින් මෙම අර්බුදය හිතා මතා නිර්මාණය කරනු ලබන එකක් බවට පෙනෙන්නට තිබෙන බවයි ඔහුගේ අදහස වන්නේ.

සෞඛ්‍ය සඳහා වූ ඉන්දියානු ණය ආධාර පහසුකම් ඩොලර් මිලියන 60කට වඩා තවදුරටත් ඉතිරිව තිබිය දී සහ හතර ගුණයකට වඩා ලාභදායී ප්‍රතික්‍රීයක ඉන්දියාවෙන් ගෙන්වා ගත හැකිව තිබිය දී, ප්‍රතික්‍රීයක හිඟවීම රසායනාගාර සේවාවේ බ්‍රෑන්ඩඩ් මාෆියාවේ කොටසක් බව ඔහු පවසනවා. ඔහු පවසන් ආකාරයට රසායනාගාර සේවා අංශයට වෙන් කළ ප්‍රතිපාදන වලින් රු. මිලියන 125ක් ප්‍රයෝජනයට නොගෙන හරවා යවා තිබෙනවා. එවැනි තත්වයක් යටතේ රට පුරා ප්‍රතික්‍රීයක හිඟයක් පැවතීම සහ ඉතා අසරණ අඩියකට පත්ව ඇති මහ ජනතාවගේ පරීක්ෂණ ටික සිදු කිරීමට නොහැකි තත්වයක් ඇති කර ඔවුන්ව පෞද්ගලික රසායනාගාර වෙත යොමු කර සාමූහිකව ගසා කෑම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන වැරදි නිසා සිදු වන්නක් බවයි රවී කුමුදේශ් මහතා පවසන්නේ.

”රනිල් තමයි වැලි කොට්ටේ” – ඩලස් අලහප්පෙරුම

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසය පුරාම ඔහුව හැදින්වුණේ ලිබරල්වාදියෙකු බව කියන ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසන්නේ තමන්ට පෙනෙන හැටියට ඔහුට එයත් අහිමි වන බවයි.

“රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඉතිහාසයම තිබුණේ ලිබරල්වාදියෙකු විදිහට. මට පේන්නේ එතුමා ඒකත් නැතිකර ගන්න යන්නේ. ඔහු හරිද වැරදිද කියන එකට වඩා, මම හිතන්නේ නැහැ ඔහුට ස්වාධීනව රාජ්‍ය නායකයා විදිහට ප්‍රතිපත්තිමය තීන්දු ගන්න පුළුවන් වටපිටාවක් අද තියෙනවා කියලා. අපේ වැව් බැම්මක් කැඩුනම වැලි කොට්ට ගහන එකනේ කරන්නේ. එක සාමාන්‍ය දෙයක්. ජනප්‍රිය විසඳුමත් ඒකනේ. ඒ වගේම මේ මොහොතේ රටේ දේශපාලන, ආර්ථික සහ සමාජ දේහය කඩාගෙන යද්දී ඒකට ගහපු වැලි කොට්ටය තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ” යි මන්ත්‍රීවරයා පවසනවා.

පැසිපන්දු ශූරතාව ශ්‍රී ලංකාවට

0

මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ සත්කාරක මාලදිවයින සමග පැවැති තීරණාත්මක තරගය ලකුණු 72කට 59ක ජය ගැනීමත් සමඟයි.

කෙසේ වුවද ශ්‍රී ලංකාව දකුණු ආසියානු කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව හිමිකරගෙන ඇත්තේ දෙවනවරට වීම විශේෂත්වයක් වනවා.