කොළඹ වරාය නොසලකමින් අලුත් නැව් සේවාවක්

කොළඹ වරාය මගහරිමින් බංග්ලාදේශයේ චිතගොං සහ ඩුබායි අතර සෘජු බහාලුම් නැව් සේවාවක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ බව බංග්ලාදේශ ජනමාධ්‍ය වාර්තා කරනවා. ඩුබායි සිට ආනයනය කෙරෙන භාණ්ඩ මේ වන විට චිතගොං වෙත පැමිණෙන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ වරාය හරහායි. එම භාණ්ඩ තොග මව් යාත්‍රාවලින් ගොඩබා පසුව කොළඹ පිහිටි කුඩා පෝෂක යාත්‍රාවලට පටවනු ලබනවා. අපනයන භාණ්ඩ තොග කොළඹ හරහා ද ඩුබායි වෙත යවනු ඇති.

සයිෆ් පවර්ටෙක් ලිමිටඩ් (Saif Powertec Limited) නම් සමාගමක් විසින් මෙලෙස චිතගොං සහ ඩුබායි අතර මාර්ගයේ සෘජු බහාලුම් නැව් සේවාවක් දියත් කිරීමට සූදානම්වන බව වාර්තා අනාවරණය කර තිබෙනවා. එහිදී නෞකා ගමනාගමන කාලය, දැනට පවතින දින 45 සිට දින 18 දක්වා අඩු කිරීම සහ භාණ්ඩ ප්‍රවාහන පිරිවැය, අඩි 20 බහාලුමකට ඩොලර් 150-200 කින් අඩු කරගැනීමට සැලසුම් කර තිබෙනවා. The Business Standard පුවත් සේවය වාර්තා කරයි.

POPULAR

Recent articles