Home Blog Page 4

පාසල් ළමයින්ට රජයෙන් කැඳ

0

අද (03) සිට පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය සිසිර ජයකොඩි පවසන්නේ පාසල් දරුවන්ගේ පෝෂණ ඌණතා මගහැරවීම මෙහි අරමුණ බවයි.

ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ ප්‍රථමයෙන් පාසල් 1000ක මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි.

ලංකාව කුසගින්නේ ඉදිරියටම

0

ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාව ද බරපතළ ආහාර අර්බුදයකින් පෙළෙන බවයි.

ලෝක ආහාර වැඩසටහන මගින් පසුගිය ජුනි මාසයේ දී පළමුවරට උග්‍ර කුසගින්නෙන් පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කරනු ලැබුවා.

පසුගිය සැප්තැම්බර් මාසයේ නිකුත් කළ නව වාර්තාව මගින් ශ්‍රී ලංකාව එම ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර අදාළ වාර්තාව උපුටා දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද පෙන්වාදෙන්නේ මේ වසරේ ඔක්තොම්බර් මාසයේ සිට ලබන වසරේ ජනවාරි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 19ක ආහාර ආනාරක්ෂිතභාවය තවදුරටත් පහත වැටෙනු ඇති බවයි.

උග්‍ර ආහාර අනාරක්ෂිතතාව සහිත රටවල් අතර ඇෆ්ගනිස්තානය, ඉතියෝපියාව, නයිජිරීයාව, දකුණු සුඩානය, සෝමාලියාව සහ යේමනය නම් කර ඇති අතර ශ්‍රී ලංකාව ද එම අවදානමට ළංවෙමින් පවතින බවයි කියන්නේ. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම, දේශගුණික විපර්යාස, කලාපීය ගැටුම් සහ වසංගත තත්වයන් එම ආහාර අර්බුදයට හේතු වී ඇති බව ජාත්‍යන්තර මුද්‍ය අරමුදල පවසනවා.

ජනපති උමංදාවේ

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (02) දින උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය වෙත ගෝ තිබුණා.

ඒ එහි වැඩපිළිවෙළ දැකබලාගැනිම සඳහා බවයි කියන්නේ. උමන්දාව විශ්ව ගම්මානය සංකල්පය ට අනුව ජාත්‍යන්තර කෘෂි විද්‍යාලයක් පිහිටුවීමටත් උමන්දාව වැනි ගම්මාන දෙකක් දිවයිනේ උතුරේ සහ දකුණේ පිහිටුවීමටත් මෙහි දී සිරි සමන්තබද්‍ර හිමි සමඟ සාකච්ඡා කළ බවයි කියන්නේ.

රටේ පවතින ආර්ථික අර්බුදයට කෘෂිකාර්මික හා අපනයන ආශිත කර්මාන්ත නගා සිටුවිමේ පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරුණු බව සඳහන් වෙනවා. ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකද එක්ව තිබුණා.

නාමල් සමාව ඉල්ලයි

0

මෙරටින් පැන ගොස් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කාබනික පොහොර පමණක් භාවිතා කර ගොවිතැන් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගොවි ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙන බව වාර්තා වෙනවා.

දිගාමඩුල්ල ප්‍රදේශයේ පැවති පොහොට්ටුවේ හමුවක දී ඔහු පවසා ඇත්තේ ‘මම පක්ෂයක් විදියට එම තීරණය ගැන ගොවි ජනතාවගෙන් සමාව ගන්නවා’ යනුවෙන්.

”ඩොලර් මිලියන 100ක් ඉපැයීම් කළත් රුපියල් වෙන්නේ ඩොලර් මිලියන 50යි” – මහ බැංකු අධිපති

තේ අපනයකරුවන් මාසිකව ඩොලර් මිලියන 100ක් ඉපැයීම් කළත් රුපියල් බවට පරිවර්තනය කරන්නේ ඩොලර් මිලියන 50කට ආසන්න මුදල් පමණක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමයේ මහ සභාව අමතමින්.

“ඔබගේ නියෝජිතයින් සහ විෂයභාර අමාත්‍යවරයා මුණ ගැසෙන සෑම අවස්ථාවකදීම ඔවුන් චෝදනාවක් කරනවා. ඒ අපේ තේ අපනයකරුවන් මාසිකව ඩොලර් මිලියන 100ක් ඉපැයීම් කළත් රුපියල් බවට පරිවර්තනය කරන්නේ ඩොලර් මිලියන 50කට ආසන්න මුදලක් කියලා. මම හිතන්නේ දැන් කාලය ඇවිල්ලා ඔබ අද අපනයනයන් සිදුකරනවා නම් මාසයක් ඇතුළත මුදල් ගෙනඒම සිදුකරන්න. මේ සඳහා පුද්ගලිකව මම පරිපාලන ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීමට කැමැති නැහැ. මට අවශ්‍ය ඔබ මේ සඳහා පොළඹවන්න විතරයි. රටේ වත්මන් තත්ත්වය පොඩ්ඩක් හිතලා බලන්න.

අපනයන සම්බන්ධ ව්‍යාපාරයක් සිදුකිරීමේදී අපි විසින් ඔබට දින 180ක කාලයක් ලබාදෙනවා. ඒ එම ආදායම නැවත මෙරටට ගෙන ඒමට. නමුත් ඒකෙන් අදහස් වන්නේ නැහැ රටේ ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති අවස්ථාවක විදේශයන්හි මිලදී ගැනීම් සඳහා දින 180ක කාලයක් ඔබට ණයක් දෙනවා කියලා. අපේ බැංකු පද්ධතිය අත්තිකාරම් මුදලක් ගෙවීමකින් තොරව මෙරට ආනයනය කටයුතු සඳහා විදේශයක ණයවර ලිපියක් විවෘතකර ගැනීමට නොහැකි වෙලා තියනවා. එවැනි අවස්ථාවකදී ඔබේ පූර්ණ ප්‍රතිලාභය මාස 6ක කාලයක් තුළ විදේශීය සැපයුම්කරුවන්ට ලබා දෙනවානම් ඒකේ ගැටලුවක් තිබෙනවා” යැයි ‍මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

අධි ආරක්ෂාව බලරහිත කෙරේ

0

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස නම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය බලරහිත කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රාජ්‍ය රහස් පනත උපයෝගි කර ගනිමින් අධි ආරක්ෂක කලාප පිහිටුවා තිබුණා. ඊට නීතිමය බලයක් නොමැති බව හා එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි ඒ පිළිබඳව කරුණු දැක්වූ බොහෝ දෙනා පවසා තිබුණේ.

පසුගිය අගෝස්තු 23 වැනි සිකුරාදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කොළඹ ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කළා.

එම ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට ප්‍රදේශ, ශ්‍රේෂ්ඨාධිකරණය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මූලස්ථානය, කොම්පඤ්ඤවීදීය ගුවන් හමුදා මූලස්ථානය, මල්පාර අග්‍රාමාත්‍ය කාර්යාලය, කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ආශ්‍රිත ප්‍රදේශය, ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස පිහිටි ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම්කර තිබුණා.

දැන් ඊයේ (01) දින නව ගැසට් නිවේදනයකින් හකුලා ගනු ලැබුවේ එම මුල් ගැසට් නිවේදනයයි. මෙම නව නිවේදනය නිකුත් කර තිබෙන්නේත් ජනාධිපති සහ ආරක්ෂක අම්මාත්ය රනිල් වික්‍රමසිංහ විසින්ම යි.

මන්ත්‍රීවරු කෑම අඩු කරයි

0

මන්ත්‍රිවරුන්ට ලබා දෙන ආහාර වේලේ අඩංගු ව්‍යාංජන හා අතුරුපස අඩු කිරීමෙන් පසු ඔවුන් ආහාර ගැනීම අවම වී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබා දෙන ආහාරවල වෑංජන, අතුරුපස, මස් මාළු අඩු කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පියවර ගෙන තිබුණා.

මෙතෙක් කල් වෑංජන අටකට පමණ සීමා වී තිබූ දිවා ආහාර වේලට මේ වන විට ලබා දෙන්නේ වෑංජන හතරක් හෝ පහක්. මේ වන විට වෑංජන අතර ඇඹරැල්ලා, බතල, මඤ්ඤොක්කා, පරිප්පු, දෙල්, පොළොස්, අඹ තිබ්බටු වැනි එළවළු ආදියද ඇතුළත්. වෙනත් දිනවලදී මස් සහ මාළු දෛනිකව ලබා දුන්නත් මේ වන විට ලබා​ දෙන්නේ එක් වර්ගයක් පමණක් බව මන්ත්‍රිවරු පවසනවා.

මාළු වර්ග අතුරින් තෝරා, පරව්, තලපත් හා කොප්පරා පමණක් ලබා දීමද නතර කර තිබෙනවා. කුකුළු මස් සතියකට දෙවරක් ලබා දෙනවා. ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා මෙම සීමා කිරීම් සිදු කිරීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා. අතුරුපස ලෙස පලතුරු වර්ග දෙකක් මන්ත්‍රිවරුන්ට ලැබිමට සලස්වා තිබෙනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ භෝජනාගාර දෙපාර්තමේන්තුවේ මාසික වියදම රුපියල් මිලියන දහයක් පමණ වන බව වාර්තා වනවා.

ලෝක ශූරයන්ට කෝටි 58ක්

0

ඕස්ට්‍රේලියාවේදී ලබන මස 16 වනදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2022) ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් හෙවත් රුපියල් කෝටි 58කට ආසන්න මුදල් ත්‍යාගයක් පිරිනැමෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව පවසනවා.

එහි අනුශූරයන්ට ඩොලර් ලක්‍ෂ 8ක් හෙවත් රුපියල් කෝටි 29කට අධික ත්‍යාගයක් හිමි වන බව ද ICC ය වැඩි දුරටත් සඳහන් කරනවා.

මෛත්‍රී පෙත්සම් ගහයි

0

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණා. අදාළ සිතාසිය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පුද්ගලික පැමිණිල්ලක් ගොනුකර තිබුණා. පැමිණිල්ලට අදාළව ඔක්තෝබර් මස 14 වනදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා හිටපු ජනාධිපති වරයාට සිතාසි නිකුත් කරණු ලැබුවා.

අයිතීන් උදෙසා කාන්තාවන්ගෙන් ඇමතිට ප්‍රශ්ණ

0

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ඍජුව ප්‍රශ්න කර තිබෙනවා.

ඒ ළදරුවන්ට සහ මව්වරුන්ට අමතර පෝෂණ ආහාරයක් ලෙස ලබා දෙන ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් විෂ රසායනිකය අඩංගු බව හෙළිවීම සම්බන්ධයෙන්. ඊයේ (29) පස්වරුවේ එම සංවිධානයේ නියෝජිතවරියන් සෞඛ්‍ය ඇමතිවරයා හමුවී තිබුණා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, එම සංවිධානයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ සහ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ එම අවස්ථාවට එක්ව සිටියා. ඒ සම්බන්ධව ඔවුන් කරුණු සහිතව සෞඛ්‍ය ඇමතිවරයා සමඟ සාකච්ඡා කරණු ලැබුවා. ත්‍රිපෝෂවල විෂ රසායනිකයන් අඩංගු බවත් ඒ ඇතැම් සාම්පලවල පමණක් බවත් සෞඛ්‍ය ඇමතිවරයා එහිදී කියා තිබුණා.