Home Blog Page 2

ලොකු ගානකින් ගෑස් අඩුවෙයි

0

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර අගයකින් පහත දමන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එම සමාගම සඳහන් කරන්නේ නව මිල ගණන් හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන බවයි.

සංශෝධිත නව මිල ගණන් හෙට (05) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ද ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා.

මන්ත්‍රීවරුන්ගෙන් 80%ටම ගිනි අවි

0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 80% පමණ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවි (පිස්තෝල) ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසෙනවා.

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සිය ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවියක් සිය නිල බලයෙන් හිමි වන අතර බොහෝ මන්ත්‍රීවරුන් විවිධ හේතු මත පසුගිය කාලයේදී එම ගිනි අවිය ලබා ගෙන තිබුණේ නැහැ.

කෙසේ වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස වලට එල්ලවූ ප්‍රහාර වලින් පසුව මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් ගිනි අවි ලබා ගැනීමට අයදුම්පත් යොමුකළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් මන්ත්‍රීවරුන් බොහෝ පිරිසකට එම ගිනි අවිය දැනටමත් නිකුත් කරනු ලැබ තිබෙනවා.

චරිත හේරත්ට කමිටුවෙන් පුටුවක්

0

කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකත්වයට එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් නම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියේ අද (04) පාර්ලිමේන්තුවේදී යි.

සමගි ජන බලවේගය විසින් අදාළ කාරක සභාවට නම් කළ ආචාර්ය හර්ෂ ද සිල්වා එම සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දී ඇති බැවින් චරිත හේරත් ඊට නම් කරන බව විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියා.

රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම නැවතෙයිද?

0

මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට පමණ මේ වනතෙක් ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීමට නොහැකි වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ කියා සිටින්නේ අදාළ කාඩ්පත් මෙරට නොමැති වීම හේතුවෙන් ඔවුන්ට තාවකාලික රියැදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කර ඇති බවයි.

මේ වනවිට අදාළ කාඩ්පත් ලක්ෂ 10ක් පමණ ඇණවුම් කර ඇති අතර එහි ලක්ෂ 5ක කාඩ්පත් පළමු තොගය මේ මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පෙන්වා දෙනවා..

ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 43ක් බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටිනවා.

කිරිපිටි මිල යළිත් ඉහලට

0

දේශීය කිරි පිටි මිල ඉහළ දැමීමට කිරිපිටි නිෂ්පාදනකයන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දේශීය කිරිපිටි 450g පැකට්ටුවක් රුපියල් 125කින් ඉහළ දමා ඇති අතර රුපියල් 850ක්ව පැවති 450g කිරිපිටි පැකට්ටුවක් රුපියල් 975 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

කෙසේ වුවද මේ වන විටත් වෙළෙඳපොල තුළ දේශීය කිරිපිටි කිලෝවේ පැකට් හිඟයක් ඇති බව වාර්තා වනවා.

ඉන්ධන හා විදුලිය ගැන ගැසට් නිවේදනයක්

0

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවා, රෝහල්වල, සාත්තු නිවාස වල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම ඇතුළු සේවා මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය –

බ්‍රහස්පතින්දා (06) ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

0

‍රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් එළඹෙන බ්‍රහස්පතින්දා (06) දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර කියා සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවති අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡා වී ඇති බවයි.

ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවශ්‍ය නම් විවාදයක් ලබාදීමට සූදානම් බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්

0

වසර 5 කට පමණ පසුව උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා .

අත්හදා බැලීමක් සඳහා මෙම බැලැස්ටික් මිසයිලය එල්ල කර ඇති අතර මේ හේතුවෙන් උතුරු ජපානයේ දුම්රිය මෙහෙයුම් ද තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තාවලට අනුව උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඉහළින් මෙම අත්හදා බැලීමේ මිසයිලය දියත් කර ඇති බවට වාර්තා වනවා.

මිසයිලය පැසිෆික් සාගරයට පතිත වීමට පෙර තම භූමිය හරහා පියාසර කරන බැවින් ආවරණය වී සිටින්නැයි ජපාන බලධාරීන් එරට පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්ද කර තිබුණා.

ජපානය අවධාරණය කරන්නේ 2017 වසරෙන් පසු ජපානයට ඉහළින් පියාසර කළ පළමු මිසයිලය වන මෙය විනාශ කිරීමට කිසිදු ආරක්ෂක උපක්‍රමයක් භාවිත නොකළ බවයි.

”මේ අර්බුදයට අරගලකරුවනුත් වගකියන්න ඕනේ” – ප්‍රසන්න රණතුංග

0

ඇති වී ඇති අර්බුදවලට අරගලකරුවන්ද වගකිව යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටිනවා.

“අරගල කළ යුත්තේ මිනිස්සු මරන්න නෙවෙයි, මිනිස්සු ජිවත් කරන්න. අරගල කළ යුත්තේ රටක් ගොඩනගන්න මිසක් රට වට්ටන්න නෙවෙයි” යනුවෙන් අමාත්‍යවරයා පවසනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (03) පැවති ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයට සහභාගී වෙමිනුයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා :

“ඒ අරගලයෙන් ලැබුණු දේ මොනවද?. අමාරුවෙන් ගොඩනඟාගත් ආර්ථිකය බිමටම වැටුණා. ජාත්‍යන්තරව අපිට තිබුණු කීර්තිය නැත්තටම නැති කළා. රජයක් ලෙස රට සම්බන්ධයෙන් සැලසුම් තිබුණා. වසර අවසානය වන විට රට තිබිය යුත්තේ කොතැනකද කියන දේ ගැන වැඩපිළිවෙලක් අපිට තිබුණා. කොවිඩ් – 19 නිසා වගේම ඊනියා අරගලය නිසාත් ඒ වැඩපිළිවෙල විනාශ වුනා. මේ ඊනියා අරගලය නොවුණා නම් අපි මුහුණ දුන් ආර්ථික අර්බුදයට බෙහෝ විසදුම් ලබා ගන්න තිබුණා”

කොවිඩ් – 19 ආසාදිතයින් 15ක්

0

පෙරේදා දිනයේදී (02) කොවිඩ් -19 මරණ 01 ක් වාර්තා වූ අතර ඊයේ (03) කොවිඩ් – 19 ආසාදිතයින් 15 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් – 19 ආසාදිතයන් සංඛ්‍යාව 670,805 ක් හා කොවිඩ් – 19 මරණ සංඛ්‍යාව 16,763 ක් දක්වා ඉහල යනවා.