බැසිල්, ජොන්ස්ටන්, එස්. බී. අස්වෙන්න බෑම කියලා

ඊයේ (03) රාත්‍රියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ අගමැති මහින්ද රාජපක්ෂ හැර සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙමින් පත්‍රිකාවකට අත්සන් ඉල්ලා තිබීමත් සමඟ කැබිනට් මණ්ලඩලයේ ගැටුම්කාරී තත්වයකුත් ඇති වූ බවයි කියන්නේ.

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් නොවිය යුතු බව බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසක් කියා ඇති බව වාර්තා වෙනවා. ආර්ථික අර්බුදය විසඳාගත්තොත් ආණ්ඩුවට පවතින්න පුළුවන් බවයි මේ පිරිස පවසා ඇත්තේ. එහෙත් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සැලකිය යුතු පිරිසක් ආණ්ඩුවට ඉල්ලා අස් වීම හැර විකල්පයක් නැති බවයි. මෙම දෙපාර්ශවයේ මතගැටුම නිසා දරුණු වාග් ප්‍රහාර මෙන්ම ගුටිබැට එල්ල කිරීමට ආසන්න තත්වයකට පත්ව තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙන යෝජනාවට එතරම් කැමැත්තක් දක්වා නැති බවයි වාර්තා වන්නේ. ඉල්ලා අස්වීම සහ අර්බුදය පිළිබඳව අදහස් දක්වීම වෙනුවට හරියටම එක් මාසයක් පමණක් ඇමතිකම දැරූ අමාත්‍ය එස්. බී. දිසානායක වෙනත් කාරණා ඉදිරිපත් කරද්දී දැඩි විරෝධයක් එල්ල වී තිබුණා.

ඉල්ලා අස්වීමේ ලිපියට මුලින්ම මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් දෙන්නා අත්සන් කළ බවයි කියන්නේ. අනතුරුව ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා අත්සන් කිරීමත් සමඟ එකිනෙකා අත්සන් කර තිබුණා.

POPULAR

Recent articles