Home Blog Page 142

ආණ්ඩුවට එරෙහිව නීතිඥවරුන් විරෝධතාවක

0

ආණ්ඩුවට එරෙහිව කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී අද (05) නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක නිරත වී තිබුණා.

කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ නීතීඥවරුන් 1500 ට ආසන්න පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටි අතර එය දහවල් 12. 30 ට පමණ එය ආරම්භ වී තිබෙනවා.

“අරගලය අතහරින්න එපා” – කෝකිල පවන්

0

පසුගියදා ජනාධිපතිවරයාගේ, මිරිහානේ පැවැති විරෝධයට සහභාගී වුණු ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ මාලන් ඊයේ (04) පැවැති විරෝධතාවයකට එක්වී තමාට එල්ල වූ ප්‍රහාරයෙන් පසු අදහස් පළකළා. එහිදී කෝකිල පවන් කියා සිටියේ දැනට පවතින මෙම අරගලය නොනවත්වා ඉදිරියට ගෙන යා යුතු බවයි.

“ගැහුවේ මට විතරක් නෙවෙයි, මේ මුළු අරගලයටම. අපි කොල්ලෝ. අපිට දරාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් අම්මලාට ගැහුවා නංගිලාට ගැහුවා. කොහොමද ආතල් එක. අරගලය අතහරින්න එපා” යි මෙහිදී කෝකිල පවන් කියා සිටියා.

“ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින්න” – ආරක්ෂක අමාත්‍යංශ ලේකම්

0

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න විරෝධතා මාලාව පිළිබදව නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා පවසන්නේ සාමකාමී ව පවත්වා සාමකාමී ව විසිර යන විරෝධතා අගය කරන බවත් එසේ නො වන විරෝධතා කෙරෙහි දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි.

රජයේ දේපොළවලට හා පෞද්ගලික දේපොළවලට හානි කරමින් සිදු කරන විරෝධතා හැකි තාක් මර්දනය කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

“ඇතිව තිබෙන තත්ත්වයට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂයි” – කුමාර වෙල්ගම

0

අද රට තුළ ඇතිව තිබෙන තත්ත්වයට වගකිව යුත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

“මේකට වගකියන්න ඕනේ වෙන කවුරුත් නෙමෙයි මම පැහැදිලිවම කියනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියලා. තරහා වෙන්න එපා මහින්ද මහත්තයා, ඔබ තුමා එක්ක අපි අවුරුදු 40ක් හිටියා. ඉතින් මට හරි කනගාටුයි අද රටට වෙලා තියෙන දේට. අනිත් එක අපේ වාමාංශික මන්ත්‍රීවරුන්ට හා වාමාංශික පාක්ෂිකවරුන්ට වෙලා තියෙන දේ ගැන මම කනගාටුවට පත්වෙනවා.”ලෙස මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

අලි සබ්‍රි මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

0

මුදල් අමාත්‍ය අලි සබ්රි මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බව වාර්තා වනවා.

පෙරේ දා (03) වැනි දා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වීමත් සමඟ අලි සබ්‍රි මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ, ඊයේ උදෑසන යි.

අමාත්‍ය ධුරයේ දිවුරුම් දී පැය විසි හතරක් ගත වීමටත් පෙර ඔහු මෙසේ ධුරයෙන් ඉවත් වීම විශේෂත්වයක් වනවා.

අලි සබ්රි මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

0

නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව නව මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබ්රි, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු ඇමති ලෙස මහා චාර්ය ජී.එල්. පිරිස් හා මහා මාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු දිවුරුම් දී තිබෙනවා.

“ගින්දරත් එක්ක සෙල්ලම් කිරීම ඉතා වගකීමෙන් කරන්න” – නීතිඥ උපුල් කුමරප්පෙරුම

0

“රටේ ඇතිවී තිබෙන ජනතා කැළඹීම මර්දනය කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවමින් ලංකාවට වෙනත් නීතියක් ගේන්න උත්සාහ කළොත් ජාතික ජන බලවේගයේ නීතිඥයන් හැටියට අපි ඒ සියලු අනීතික තත්වයන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කරනවා. මිරිහාන සිද්ධියේදී පොලීසිය හා හමුදාවේ හැසිරීම ගැනත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. උද්ඝෝෂණයට සම්බන්ධ වූ පිරිසෙන් 27කට පොලීසිය, එස්.ටී.එෆ්. එක සහ ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් පහර දී තිබෙනවා. මේ රටේ මිනිස්සුන්ට පහර දෙන්න කිසිම ආරක්‍ෂක අංශයකට හැකියාවක් නැහැ. පොලීසිය හෝ හමුදාව මිනිස්සුන්ට පහර දීලා ඊට පස්සේ වෙන දේ ගැනත් දැන ගන්න ඕනෑ. පහර දීමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩුවක් පැවරූ පසු නීතිපතිවරයා පොලීසිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. පෞද්ගලික නීතිඥයෝ අරගෙන පෙනී සිටින්න ඕනෑ. එවැනි නඩුවක වැරදිකාරයා වුණොත් වන්දි ගෙවන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා ආරක්‍ෂක අංශ ජනතාව කවුද කියන කාරණය සම්බන්ධයෙන් විමසිල්ලකින් ඉන්න කියලා අපි නීතිඥයෝ හැටියට අනතුරු අඟවනවා.

නීතිය ක්‍රියාත්මක කරන්න දායක වන ආයතනවල අතට නීතිය ගන්න බැහැ. දරුණු පීඩනයක ජීවත් වන ජනතාවක් මිරිහානේදී ඉස්සරහට ආවේ. අත දරුවෙක් ඉන්න අම්ම කෙනෙකුත් ඒ අතර හිටියා. අපේ බදු මුදල්වලින් පඩි ගන්න ආරක්‍ෂක අංශයකට එවැනි පිරිසකට පහර දෙන්න හැකියාවක් තිබෙනවාද? රාජ්‍යය ආරක්‍ෂා කිරීමේ වගකීම ඔබට තිබෙනවා. හැබැයි රාජ්‍යය ආරක්‍ෂා කිරීම දඩමීම කරගෙන අහිසංක මිනිස්සු තලා පෙලීමේ හැකියාවක් පොලීසියටත් හමුදාවටත් නැහැ. ඒ නිසා නීතිඥයන් හැටියට අපි පොලීසියට කියන්නේ ගින්දරත් එක්ක සෙල්ලම් කිරීම ඉතා වගකීමෙන් කරන්න කියලා. ඔබට නඩු පැවරුණ අවස්ථාවක කිසිම දේශපාලඥයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. රජය විවේචනය කිරීමේ හැකියාව ජනතාවට තිබෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික, මූලික අවශ්‍යතා ටික ආණ්ඩුවකට සපුරන්න බැරිනම් ඒ ආණ්ඩුව විවේචනය කිරීමේ හැකියාව ජනතාවට තිබෙනවා. මිරිහානේ සිදුවීමෙන් පසුව නීතිඥයන් 600ක් විතර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. කරන්න යන මර්දනය මොකක්ද කියලා නීතිඥයන්ට තේරෙනවා. ඒ නිසයි ඔවුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නේ. ආණ්ඩුව යන වැරදි පීල්ලට විරුද්ධව උද්ඝෝෂණය කිරීමේ හැකියාව මේ රටේ මිනිස්සුන්ට තියෙනවා. සියල්ලට ඉහළින් තියෙන්නේ රටේ නීතිය. එය පැත්තකට දාලා ක්‍රියා කිරීමෙන් විශාල විනාශයකට පත්විය හැකි බවට මම අනතුරු අඟවනවා” යි ඔහු පවසනවා.

මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි

0

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු සිය Twitter ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

අපිට ඕනේ – අලුත් රටක් අපිව රකින – අලුත් රටක්

0

මේ මොහොත වන විටත් දිවයින පුරා විවිධ ස්ථාන වල ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වෙනවා. මීගමුව, කුරුණෑගල, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශ කිහිපයක් පුරා පැවැත්වෙන විරෝධතා වලදී නව ආණ්ඩුවක් පිළිබඳව සටන් පාඨ කියන රැස්ව සිටින විරෝධකරුවන් රාජපක්ෂවරු යටතේ වන මොනයම්ම හෝ පාලනයක් ප්‍රතික්ෂේප කිරීම විශේෂයක්.

එක්දින ක්‍රිකට් කාන්තා ලෝක කුසලානය 7 වන වරටත් ඔස්ට්‍රේලියාවට

0

ඔස්ට්‍රේලියාව 7 වන වරටත් එක්දින ක්‍රිකට් කාන්තා ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදී ඊයේ (03) පැවැති අවසන් මහා තරගයේදී ඔවුන් හමුවේ පරාජය වූයේ එංගලන්තයයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඇලීසා හීලි ලකුණු 170ක් රැස් කළ අතර රේචල් හෙයින්ස් සහ බෙත් මූනි අර්ධ ශතක ලබා ගැනීමට සමත් වුණා.

ඔස්ට්‍රේලියාව කඩුලු 5කට ලකණු 365ක් රැස් කළ අතර, එය ඔවුන් එංගලන්තයට එරෙහිව එක් දින ක්‍රිකට් තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

එංගලන්ත පිළිතුරු ඉනිම වෙනුවෙන් නැටලි සිවර් නොදැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 148ක් .

පන්දුවාර 43යි පන්දු 4ක් අවසානයේදී එංගලන්ත ක්‍රීඩිකාවන්ට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ, ලකුණු 285ක් පමණි.