Home Blog Page 140

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො.මි. 100ක අවි

යුක්‍රේනයට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක වටිනාකමින් යුත් අවි ලබා දීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

මේ බව තහවුරු කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කන් නිවේදනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගියදා රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ බුචා නගරයේ හා යුක්රේනය පුරා සිදු කරන ලද ඝාතන සම්බන්ධයෙන් තමන් කම්පනයට පත් වන බව ද ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

“උද්ඝෝෂණ අඩු වෙලා” – ජොන්ස්ටන් ප්‍රනාන්දු

0

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමක් කිසිසේත් සිදු නොවන බව අද (07) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යළිත් කියා සිටියා.

තමන් නොසැලෙන බවත් මෙයට කෙසේ හෝ මුහුණ දෙන බවත් ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සඳහන් කළා.

මේ වන විට පෝලිම් ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණක් නොවන බවත් මෙය ලෝක ව්‍යසනයක් බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ පසුගියදා පාර්ලිමේන්තු පිවිසුමේදී ඇති වූ සිදුවීමත් සමඟ මේ වන විට රට තුළ උද්ඝෝෂණ අඩුවී ඇති බවයි.

නව මහ බැංකු අධිපතිගේ පත්වීම් ලබා ගැනීම අද (07)

0

නව මහ බැංකු අධිපතිවරයා ලෙස හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (07) පත්වීම් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

මහ බැංකු අධිපති ධුරය භාරගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ඉල්ලීම තමා භාරගත් බව නන්දලාල් වීරසිංහ පසුගියදා විදෙස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

කටුනායක ගුවන් තොටුපළ සේවකයින්ට නිවසේ සිට රාජකාරි කිරීමට උපදෙස්

0

කටුනායක ගුවන් තොටුපළ සේවකයින්ට අද (7) නිවසේ සිට රාජකාරි කරන ලෙස උපදෙස් දී ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ පවසනවා.
එහි උප සභාපති රජීව් සූරියආරච්චි සඳහන් කළේ, ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඩීසල් තොග නොමැති වීම හේතුවෙන් ඔවුන් මේ පියවර ගත් බවයි.

ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පමණක් සේවකයින් කැඳවනු ඇති.

රජිව් සූරියආරච්චි මහතා පැවසුවේ ගුවන් තොටුපළ සඳහා අවශ්‍ය ඉන්ධන තොග දින කිහිපයක සිට ඇණවුම් කළ ද මෙතෙක් එම ඉන්ධන තොග නොලැබුණු බවයි.

කෙසේ වෙතත් ගුවන් තොටුපළ රෙඩාර් පද්ධතිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලශක්තිය ගැටලුවකින් තොරව ලබා ගැනීමට හැකියාව පවතින බව ද උප සභාපතිවරයා සඳහන් කළා.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළේ ගුවන් යානා ඉන්ධන තොග ප්‍රමාණවත් ලෙස පවතින බවයි.

ඇමතිකම් වෙන්දීසියේ

0

පවතින අර්බුදයට විසඳුම් සෙවීමට අමාත්‍ය ධුර භාරගෙන එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට පෙර ආරාධනා කරනු ලැබුවා. කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වුනේ ඊට පෙර 3 වෙනිදායි.

ආර්ථික හා ගෝලීය කාරණා කිහිපයක් හේතුවෙන් වත්මන් අර්බුදකාරී තත්ත්වය හටගෙන තිබෙන බව පවසමින් එම ආරාධය කළ ජනාධිපතිවරයා ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ප්‍රධාන පෙළේ රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළම ඊට විසඳුම් සෙවිය යුතුව ඇති බවයි කියා සිටියේ.

“සමස්ත රටවැසියන් සහ උපනූපන් අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියාකළ යුතුව තිබේ. ඒ සඳහා අමාත්‍ය ධුර භාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිතුමා ඇරයුම් කර සිටි” යනුවෙන් ඒ පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය සටහනක් තබා තිබුණා.

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී දින කිහිපයක්ම හතරක් ගත වුනත් ඇමතිවරුන් තිදෙනකු හැරෙන්නට සම්පූර්ණ කැබිනට් මණ්ඩලය පත්කිරීමට තවමත් නොහැකි වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා සහ රජයේ කටයුතු ස්ථාවරව පවත්වාගෙන සඳහා කැබිනට් ඇමතිවරු සිවුදෙනෙක් පමණක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් සඳුදා (04) පත්කරනු ලැබුවා. එලෙස පත්කළ මුදල් ඇමතිවරයා ලෙස දිව්රුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි සිය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී පැය විසිහතරක් ගතවීමටත් මත්තෙන් ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඇමතිවරුන් තිදෙනකු පමණක් සිටින කැබිනට් මණ්ඩලය සම්පූර්ණ කිරීමටත් උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීම සඳහාත් අමාත්‍ය ධුර බාරගෙන කැබිනට් මණ්ඩලයට එක් වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් අඟහරුවාදා (05) ආරාධනා කළා.

ඇමති ධුර බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කළත් විපක්ෂයේ කිසිදු පක්ෂයක් ඇමති ධුර බාර ගැනීමට මෙතෙක් කැමැත්ත පළකර නැතිවීම විශේෂයක්.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය ඇතුළුපක්ෂ ඇමති ධුර බාර නොගන්නා බව ප්‍රකාශ කර ඇති අතර ඒ හේතුව මත සියලු දේශපාලන පක්ෂ එක්කොට කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ උත්සහාය ඇණ්හිට තිබෙනවා.

එම තත්ත්වය තුළ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන දිනයක් සම්බන්ධව ආණ්ඩුවේ සැලකිල්ල යොමුව තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගීවීමට පාර්ලිමේන්තුවට පැමිණියා.

රට තුළ පවතින අර්බුදය සම්බන්ධයෙන් අද (07) දිනයේ විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

ඉදිරි පැය කිහිපය තුළදී නව කැබිනට් මණ්ඩලයක්

0

රට තුළ පවතින අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් ඊයේ (06) රාත්‍රීයේ පැවැත් වුණා.

මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ සඳහන් කර සිටියේ ඉදිරි පැය කිහිපය තුළ නව කැබිනට් මණ්ඩලයක් පත් වනු ඇති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම කැබිනට් මණ්ඩලය හරහා ජනතාවගේ ගැටලුවලට ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කරන බවයි.

ණය අර්බුදයට විසඳුම් සොයන්න ජනපතිගෙන් උපදේශක කණ්ඩායමක්

0

බහුපාර්ශ්වික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපතිවරයා විසින් අලුත් උපදේශක කණ්ඩායමක් පත්කර තිබෙනවා. එහි සාමාජිකයින් ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහාචාර්ය ශාන්තා දේවරාජන් සහ ආචාර්ය ෂාර්මිනි කුරේ පත් කළ බවයි වාර්තා වෙන්නේ. වඩා විශේෂත්වය වන්නේ අවසන් යහපාලන ආණ්ඩු සමයේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෙම තිදෙනා අතරට එක්කර තිබීමයි. ඒ අතර රාජපක්ෂ ආණ්ඩුවේ මහ බැංකු අධිපතිවරයා ලෙස සේවය කළ අජිත් නිවාඩ් කබ්රාල් මෙම කමිටුවට ඇතුළත් නොවීමද විශේෂයක්.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ දහහතර අධිපතිවරයා වූ අතර ඔහු 2016 ජූනි මස සිට 2019 නොවැම්බර් මස දක්වා යහපාලන සමයේදී එම තනතුර හොබවන ලද පුද්ගලය යි.

අදාළ නිවේදනය –

ජාතික ක්‍රීඩා සභාව ඉල්ලා අස්වෙයි

0

ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් විසින් සිය ඉල්ලා අස්වීම් භාරදී තිබෙනවා.

ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රධානියා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන කටයුතු කරනු ලැබුවා.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් උපදෙස් දීම සඳහා 2020 අගෝස්තු මාසයේදී මෙම ජාතික ක්‍රීඩා සභාව පත් කරනු ලැබුවා.

ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින්

මහේල ජයවර්ධන – සභාපති
ජූලියන් බොලිං – කමිටු සාමාජික
කුමාර සංගක්කාර – කමිටු සාමාජික
ඩිලන්ත මාලගමුව – කමිටු සාමාජික
කස්තුරි චෙල්ලරාජා විල්සන් – කමිටු සාමාජික
සුපුන් වීරසිංහ – කමිටු සාමාජික
රොහාන් ප්‍රනාන්දු – කමිටු සාමාජික
රුවන් කෑරගල – කමිටු සාමාජික
සංජීව වික්‍රමනායක – කමිටු සාමාජික
මේජර් ජෙනරාල් රාජිත අම්පෙමොහොට්ටි – කමිටු සාමාජික
ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා – කමිටු සාමාජික
රොවේනා සමරසිංහ – කමිටු සාමාජික
යස්වන්ත් මුත්තෙටුවේගම – කමිටු සාමාජික
A.J.S.S එදිරිසූරිය – කමිටු සාමාජික
තියුමි අබේසිංහ – පත්කළ ලේකම්

“සාමකාමී විරෝධතා හෝ විවේචනවලට බාධා නොකළ යුතුයි” – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය

0

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඇතිවී තිබෙන තත්ත්වය තවත් උග්‍රවීමට පෙර විසඳුමක් සඳහා වන සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස ජගත් මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුදයට එරෙහිව ජනතාව සිදු කරන විරෝධතා සහ ඊට එරෙහිව බලධාරීන් දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවයි.

ඒ අනුව ජනතාව සිදුකරන සාමකාමී විරෝධතා පාලනයට ශ්‍රී ලංකාව හදිසි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙන බවත් සාමකාමී විරෝධතා මර්දනයට රජය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කනස්සල්ලට පත් වන බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ඒ හේතුවෙන් සාමකාමී විරෝධතා හෝ විවේචනවලට බාධා නොකළ යුතු බව ජගත් මානව හිමිකම් කොමිසම අවධාරණය කර තිබෙනවා.