Home Blog Page 141

නිතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සූදානමක්

0

මල්වාන නඩුව ඉල්ලා අස් කරගැනීම ඇතුලු නිතිපතිවරයාගේ වත්මන් ක්‍රියාකලාපය එලෙසම ඉදිරියට ගෙන යන්නෙ නම් නිතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නිතිඥ ප්‍රජාව තිරණය කර ඇති බව ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ අද (06) පාර්ලිමේන්තුවේදී කියා සිටියා

“ජනාධිපති කිසිසේත්ම ඉල්ලා අස්වන්නේ නෑ” – ජොන්ස්ටන් ප්‍රනාන්දු

0

පවතින අර්බුදයට සාර්ථකව මුහුණ දෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනාධිපතිවරයා කිසිසේත්ම ඉල්ලා අස්වීමක් සිදු නොකරන බවයි.

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ජනපති විසින් රංජිත් සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි

0

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉවත් නොවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රංජිත් සියඹලාපිටිය වෙත දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරයා එම දැනුම්දීම සිදුකර ඇත්තේ ඊයේ (05) දිනයේ දී ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් තමා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉල්ලා අස්වන බවට කළ දැනුම්දීමට පිළිතුරු ලෙසයි.

නියෝජ්‍ය කථානායක ධූරය ස්වාධීන තනතුරක් බැවින් මේ මොහොතේ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම අත්‍යාවශ්‍ය කරුණක් බවත් ඒ අනුව ධූරයෙන් ඉවත් වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ජනපති ශ්‍රීලනීපයෙන් ඉල්ලීමක් කරයි

0

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයෙන් සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරයෙන් ඉවත් නොවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇති බව්ළ වාර්තා වෙනවා. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ(05) රාත්‍රියේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී හමුවූ අවස්ථාවේ මෙම ඉල්ලීම කර තිබෙනවා.

එහෙත් එම තනතුරු දෙකෙන් මේ වන විටත් තමන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් කියා තිබුණා.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක රන්ජිත් සියඹලාපිටිය කටයුතු කළ අතර, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ලෙස කටයුතු කළේ අන්ගජන් රාමනාදන්.

පාසල් කාලය පැයකින් දීර්ඝ කෙරේ

0

අප්‍රේල් 18 වනදා සිට පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කරන්නේ එළඹෙන 18 වනදා ආරම්භ වන පළමු පාසල් වාරයේ සිට දෙසැම්බර් 23 වැනිදායින් අවසන් වන වර්ෂය සඳහා පාසල් පැවැත්විය යුතු පැය ගණන සම්පුර්ණ කිරීමට සඳහා මේ පියවර ගත් බවයි.

ඒ අනුව අතරමැදි නිවාඩු කාල ද ඇතුළත්ව පාසැල් කාල සටහන් විදුහල්පතිවරුන් වෙත මේ වන විට යොමු කර ඇති බව ඔහු ප්‍රකාශ කර සිටිනවා

“එයාගේ නම අපේ පාසල් ඉතිහාසයටම කළු පැල්ලමක්” – ආනන්ද විද්‍යාලයේ ගුරුවරු හා ශිෂ්‍යයන්

0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධ්‍යාපනය ලැබූ කොළඹ, මරදාන ආනන්ද විද්‍යාලයේ ගුරුවරු ශිෂ්‍යයන්ද රැගෙන පාසලෙන් පිටතට පැමිණ විරෝධතාවයේ නිරතව තිබුණා. ඒ රාජපක්ෂ පාලනය ඉල්ලා අස්විය යුතු බව කියමින්.

“අපි හිතුවේ එතුමා අපේ පාසලට ආඩම්බරයක් වෙයි කියලා. හැබැයි දැන්නම් විලිලැජ්ජයි එයා අපේ පාසලේ කියලා කියන්නත්. එයාගේ නම අපේ පාසල් ඉතිහාසයටම කළු පැල්ලමක්. අපි කියන්නේ අධ්‍යාපනයට නිදහස නැති කළ මේ පාලනය කොන්දේසි විරහිතව ඉල්ලා අස්වෙන්න ඕනේ” යි මෙම විරෝධයට එක්වූ පිරිස් පැවසුවා.

නිරූපමා රාජපක්ෂ දිවයිනෙන් පලා යයි

0

හිටපු රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස කටයුතු කළ නිරූපමා රාජපක්ෂ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

දැඩි ආන්දෝලනයකට තුඩු දුන් දේශපාලකයින් ඇතුළු පුද්ගලයින් විසින් සිදුකෙරුණු බදු පැහැරහැරීම්, අයථා ධනය රැස්කිරීම්, සහ මුදල් විශුද්ධිකරණ කටයුතු ආදිය හෙළිදරව් කළ පැන්ඩෝරා පත්‍රවලද අයගේ නම සඳහන්ව තිබුණා.

ඒ අනුව නිරූපමා රාජපක්ෂ ඊයේ (05) රාත්‍රී 10.25 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-655 දරණ ගුවන් යානයෙන් කටුනායක සිට ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඩග්ලස් දේවානන්දගේ කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක්

0

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ යාපනය පලාලි මාර්ගයේ පිහිටි ඊ.පී.ඩී.පී. ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා.

යාපනය දිස්ත්‍රීක් තරුණ සංගම් හා ප්‍රදේශවාසී ජනතාවද මෙම විරෝධතාවය වෙනුවෙන් සහභාගී වී සිටි අතර විරෝධතා කරුවන් විසින් ඊ.පී.ඩී.පී. ප්‍රධාන කාර්යාලය වටලා ආණ්ඩුවට ඇතුලු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දට එරෙහිව විරෝධය පෑහ.

විරෝධතාවයේ නිරත වූවන් වැඩි දුරටත් පවසා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු කිසිවක් විසඳීමට අපොහොසත් වූවා සේම සමස්ථ රට වැසියාම මේ වන විට දැඩී පීඩාවන්ට පත් කිරීම හේතුවෙන් වහාම සියලු දෙනා ඉල්ලා අස්විය යුතු බවටයි.

එමෙන්ම ධීවර අමාත්‍ය වරයා වශයෙන් සිටි ඩග්ලස් දේවානන්ද විසින් ධීවර ජනතාවටද විසඳුමක් ලබා දීමට අපොහොසත් වූ අයෙක් සේම දෙමළ ජනතාවගේද ගැටලු වෙනුවෙන් පෙනී නොසිට අයෙකු බැවින් ඔහුද අමාත්‍ය ධූරයෙන් වහාම ඉවත්විය යුතු බවයි විරෝධතා කරුවන් පවසන්නේ.

ජනාධිපතිවරයාට එරෙහි විරෝධතාවලට කාදිනල් හිමිගේ සහය

0

ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව මහජනතාව විසින් පවත්වනු ලබන සාමකාමී විරෝධතාවලට සහයෝගය දක්වමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ද අද (05) තම සහය දක්වමින් විරෝධයට එක්ව තිබුණා.

අගරදගුරු හිමි ඇතුළු සහයක රදගුරුතුමන්ලා, ගරු පියතුමන්ලා සහ ගරු කන්‍යා සොහොයුරියන්ගේ සහභාගීත්වයෙන් එම විරෝධය ආරම්බ වුණේ බොරැල්ල පිහිටි අගරදගුරු මැදුරේන්. ඊට එක්වූ පිරිස බොරැල්ල අගරදගුරු මැදුරේ සිට ඒ අවට පාගමනකින් ගමන් කරමින් යාච්ඤාශීලි සාමකාමී විරෝධයක් දැක්වුවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

0

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ එස්.ආර්.ආර්ටිගල මිට සුළු මොහොතකට පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.