Home Blog Page 139

ගැසට් වලින් වෙළඳපොල පාලනය කරන්න බැහැ – මහබැංකු අධිපති

0

නිති හෝ රෙගුලාසි පැනවීම මඟින් වෙළඳපොල කටයුතු පාලනය කළ නොහැකි බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මිල පාලනය සඳහා ගැසට් නිවේදන විශාල ප්‍රමාණයක් නිකුත් කළද ඉන් ප්‍රතිඵලයක් අත්නොවීමෙන් එය පැහැදිලි වන බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා.

“ආර්ථික අර්බුදයේ හදිසි අවස්ථාව” මැයෙන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසඳය සංවිධාන කළ, සාකච්ඡාවට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියා.

අපි මෝඩයෝ කියල හිතලා ආණ්ඩුවයි විපක්ෂයයි නාටකයක් රඟපානවා – කාදිනල් හිමි

0

ආණ්ඩුවයි විපක්ෂයයි එකතුවී නාටකයක් රඟපාන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.මීගමුව නගර මධ්‍යයේ අද (09) පැවති උද්ඝෝෂණයකට එක්වෙමින් කාදිනල් හිමියන් මේ බව සඳහන් කළා.

“දැන් අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් දෙගොල්ලෝම එකතුවෙලා නාටකයක් රඟපානවා වගේ අපිට පෙනවා. ඒ නාට්‍ය රඟපාලා අපිව මෝඩයන් හැටියට සලකලා.. අපිට ඒ තත්ත්වයෙන් මේ කරන ක්‍රමවේදය පිළිගන්නැයි කියන එක වැරදියි.

අපි එහෙම භාරගන්න කැමති නෑ. අද අපිට අවශ්‍යයි රටට ලොකු වෙනසක්. නව ආරම්භයක්. දැන් අපේ විදේශ ඇමතිතුමා අපේ මුදල් ඇමතිතුමා යන්න ඕනේ IMF එකට ණය ඉල්ලන්න.”

රටවල්වලට ගිහිල්ලා අතදිගු කරන්න ඕනේ.. හිඟා කන්න. ඊයේ මං පත්තරේ දැක්කා ඉන්දියාවේ හිඟන්නෙක්.. එයා එකතු කරපු සල්ලි වගයක් ලංකාවට දෙනවා කියලා. ඒ කියන්නේ අපි හිඟන්නන්ගේ තත්ත්වයටත් එහා යන තත්ත්වයකට වැටුණයි කියන එකයි.

මේ තත්ත්වය දිගටම කරගෙන යන්න දෙන්න බෑ. අපි ඉල්ලා සිටිනවා මේ රටේ සෑම පුරවැසියෙක්ගෙන්ම මේ ක්‍රමය වෙනස් කරන්න එකතු වෙන්න.. ඔක්කොමත් එක්කම. එකතුවෙලා මේ අයට කියන්න කරුණාකරලා.. යන්න දැන් ඇති රට කෑවා.. යන්න කියලා.

ගිහිල්ලා.. මේක කරන්න පුලුවන් කෙනෙක්ට රට භාර දෙන්න. තවදුරටත් මේ අරගලය ලංකාව පුරාම කරගෙන ගිහිල්ලා සියලුමදෙනා පාරට බැහැලා.. මේ දූෂිත ක්‍රමවේදය ඉවත් කරන්නට කටයුතු කරන්න ධෛර්යවන්තව.”ලෙස කාදිනල් හිමියන් කියා සිටිනවා.

ධාවන ශූර සුගත් තිලකරත්නට ආණ්ඩුවේ මැර පිරිසකගෙන් තර්ජනය

0

ධාවන ශූරයෙකු වන සුගත් තිලකරත්නට ආණ්ඩුවේ මැර පිරිසක් විසින් තර්ජනය කර තිබෙනවා.

අද (9) සුගත් තිලකරත්න තම රාජකාරිය සදහා යන අවස්ථාවේ කොලොන්නාව තෙල් සංස්ථා පරිශ්‍රයේදී අදාළ සිදුවීම සිදුවී ඇති අතර එහිදී ඔහුට බැනවැදී මැර තර්ජන එල්ලකර තිබෙනවා.

ඔවුන් පවසා ඇත්තේ ආණ්ඩුව අමාරුවෙන් නැගිටීමට උත්සහ දරන අවස්ථාවේ ආණ්ඩුවට එරෙහිව සුගත් තිලකරත්න තම මතය පළකර කටයුතු කිරීම නිසා ඒ පිළිබඳ ඔහුට ඉදිරියේදී වන්දි ගෙවීමට සිදුවන බවයි.

ධාවන ශූර සුගත් තිලකරත්නට ආණ්ඩුවේ මැර පිරිසකගෙන් තර්ජනය

ධාවන ශූරයෙකු වන සුගත් තිලකරත්නට ආණ්ඩුවේ මැර පිරිසක් විසින් තර්ජනය කර තිබෙනවා.

අද (9) සුගත් තිලකරත්න තම රාජකාරිය සදහා යන අවස්ථාවේ කොලොන්නාව තෙල් සංස්ථා පරිශ්‍රයේදී අදාළ සිදුවීම සිදුවී ඇති අතර එහිදී ඔහුට බැනවැදී මැර තර්ජන එල්ලකර තිබෙනවා.

ඔවුන් පවසා ඇත්තේ ආණ්ඩුව අමාරුවෙන් නැගිටීමට උත්සහ දරන අවස්ථාවේ ආණ්ඩුවට එරෙහිව සුගත් තිලකරත්න තම මතය පළකර කටයුතු කිරීම නිසා ඒ පිළිබඳ ඔහුට ඉදිරියේදී වන්දි ගෙවීමට සිදුවන බවයි.

‘අරගලයට නිවැරදි මගපෙන්වීම ලබාදීම වැඩකරන ජනතාවගේ වගකීමක්’ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත

0

ශ්‍රී ලංකාව රටක් විදිහට දැන් ගෙවමින් ඉන්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්ත්වයක්. වැඩ කරන ජනතාව, මේ රටේ කම්කරු පන්තිය විදිහට මේ මොහොතට මුහුණ දෙන්න ඕනේ මොන විදිහට ද?

මුලින්ම කියන්න ඕනේ මේ තත්ත්වය අහම්බයක් හෝ කව්රුවත් පුදුම විය යුතු තත්වයක් නොවෙයි කියන එක.

74 වසරක වැරදි පීල්ලක ගිය පාලන ක්‍රමයක අනිවාර්ය අන්තයට තමයි අපේ රට පත්වෙලා තියෙන්නේ. ඒක මේ රට පාලනය කළ පාලකයන්ගේ විතරක් නෙමෙයි ඒ අයට පාලන බලය දුන්න ජනතාවගේත් වැරැද්ද. මතක තියා ගන්න ජනතාවගෙන් බහුතරයක් මේ පාලකයන්ට බලය දුන්නේ රට හදයි කියන අවංක බලාපොරොත්තුවකින්. හැබැයි පාලකයෝ ඒ බලාපොරොත්තුව පාවිච්චි කරලා සූදු කෙළියා. ඒ නිසයි අපේ රට මේ ඉරණමට පත්වෙලා තියෙන්නේ.

මම මේ කියපු ජනතාව අතරම තමයි ඔබ මගෙන් අහපු වැඩ කරන ජනතාව, කම්කරු පන්තියත් ඉන්නේ. ඒ කියන්නේ මේ වැරැද්දට වැඩ කරන ජනතාවත්, කම්කරු පන්තියත් වගකියන්න ඕනේ.

දැන් සාමාන්‍ය ජනතාව, තරුණ පරම්පරාව තමන්ගේ ජීවත්වීමේ සටන මහ පාරට ගෙනල්ලා. ඒ අය විදී පුරා සටන් කරනවා. මං මාවත් අහුරගෙන සටන් කරනවා. රාජ්‍ය පාලකයන්ට ගෙදර යන්න කියනවා. හොරා කාපු ධනය රටට දියව් කියනවා.

වැඩ කරන ජනතාව විදිහට දැන් අපි මේ සටනේ සජීවී කොටස්කාරයෝ වෙන්න ඕනේ. මේ සටනේ තීරක බලවේගය වෙන්න ඕනේ.

ඔබේ පක්ෂයේ වෘත්තීය සමිති ප්‍රධානත්වයෙන් පැවැත්වූ විරෝධතා, සංකේත වැඩ වර්ජන පිළිබඳව ඇතැම් පාර්ශ්ව කියන්නේ එවැනි ක්‍රියා නිසා රට තවත් ආර්ථික ආගාධයකට පත් වෙන බවයි. ඒක නරක ප්‍රවේශයක් බවයි ඒ අය කියන්නේ?

හොඳයි, ඒ අය මොකද කියන්නේ එහෙම නොකළ, එහෙම නොවුණු තත්වයක රටේ ආර්ථිකයට වෙච්ච දේ ගැන. පහුගිය 74 වසර අමතක කරමු. අඩුම තරමින් රාජපක්ෂ පාලනය යටතේවත් අපේ රටේ ආර්ථිකයට කළ සුගතිය මොකක්ද කියලා ඒ අයට පුළුවන්නම් පැහැදිලි කරන්න කියන්න.

අපි ස්ට්‍රයික් කළා කියලා, අපි උද්ඝෝෂණය කළා කියලා, අපි විරෝධතා දැක්වුවා කියලා මේ ආර්ථිකයට ආයේ අලුතින් වෙන්න විනාශයක් ඉතුරු වෙලා නැහැ. ආර්ථිකය ගැන දැන ගන්න මහලොකු ආර්ථික විද්‍යාඥයෝ වෙන්න ඕනේ නැහැනේ, යන්න ගෑස් පෝලිමට, යන්න තෙල් පෝලිමට, යන්න කිරිපිටි පෝලිමට. අන්තිමටම ඕනෙනම් යන්න පාස් පොර්ට් පෝලිමට. ආන්න ආර්ථිකයේ තැන්. ගිහින් බලන්න ඒ තැන්වල ඉන්න මේ රටේ ඉහළ සිට පහළට ගැහැනුන් මිනිස්සුන් රටේ පාලකයන්ට ආර්ථික විද්‍යාව උගන්නන විදිහ.

මේ පාලකයෝ ආර්ථිකය ගොඩදානවා කියලා හීනවල ඉන්න උදවිය තමයි “අනේ මේ වෙලාවේ ස්ට්‍රයික් කරන්න එපා, අනේ මේ වෙලාවේ පාරට බහින්න එපා, අනේ ප්ලීස් පිකට් කරන්න එපා” කියලා දේශනා කරන්නේ. හැබැයි එහෙම කියන අය අතරේ අවංකවම අහිංසක අදහසින් එහෙම කියන අයත් ඇති. බහුතරය එහෙම කියන්නේ කෛරාටිකකමට. අවස්ථාවාදීව. තමන්ගේ ප්‍රභූ පැලැන්තියේ ආරක්ෂාවට.

ඉතාමත්ම සාමකාමී ආකාරයට ආරම්භ වුණු මහජන උද්ඝෝෂණ දැන් දැන් තරමක් වෙනස් ආකාරයෙන් දකින්න පුළුවන්. වෘත්තිය සමිති නායකයන් විදිහට ඒ පිළිබඳව ඔබට කළ හැකි මැදිහත්වීම මොකක් ද?

කව්ද මේ අරගල ප්‍රචණ්ඩ කළේ? ඔබ දන්නවා මිරිහාන විරෝධයට 200ක් ගෙනත් අත්හැරපු චෞරයා කවුද කියලා. ඔබේ වෘත්තිය වුණු මාධ්‍ය වෘත්තියේ සහෝදරවරුන්ට බිම දාගෙන තලලා වෑන් එකක දාගෙන යන්න ආපු මුහුදු මංකොල්ලකාරයා කවුද කියන්න අපි දෙන්නම දන්නවා. 

අහිංසක ජන විරෝධයන් මේ තත්වයට වර්ධනය වුණා නෙමෙයි, වර්ධනය කළා. මේක තමයි ඉතිහාසය පුරාම පාලකයන්ට තේරෙන භාෂාව වුණේ. රාජකාරි ඉවර වෙලා කරන්ට් නැති වෙලාවට ඉටිපන්දමක් අරගෙන පාරට බැහැලා තමන්ගේ ඉල්ලීම් ඉල්ලපු ජනතාවගේ හඬ, බලු කෙදිරියක් තරම් ගණන් නොගත් පාලකයෝ “Gota Go Home” කියද්දී මාරාවේශ වුණා. තර්ජනය කරන්න, පහර ගහන්න, අන්තර්ජාල අවහිර කරන්න පටන් ගත්තා. සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි නීතිඥයොත් කලුකෝට් ඇඳගෙනම පාරට බහින්න ගත්තා.

මොකක්ද රාජපක්ෂ ආණ්ඩුවේ උත්තරේ වුණේ? ප්‍රහාරය. උසිගැන්වීම. ඒක තමයි ක්‍රියාව. දැන් ඉතින් ආණ්ඩුවේ උදවිය තමන්ගේ ක්‍රියාවේ ප්‍රතික්‍රියාව බලාපොරොත්තු වෙන්න ඕනේ.

ආණ්ඩුවේ චණ්ඩි දැන ගන්න ඕනේ හැමදාම, හැම හන්දියකම එක විදිහට රඟපාන්න බැහැ කියලා. දැන් මේ වෙන්නේ ඒ රඟපෑම අවසන් කරන මොහොත නෙමෙයි ද?

මේ විරෝධතාවයන්ගේ හැඩය, මේ උද්ඝෝෂණයන්ගේ ස්භාවය, මේ සටනේ හැඩය වෙනස් කරන්න වැඩ කරන ජනතාවට වගකීමක් තියෙනවා නේ ද?

ඔව්, ඒ ගැන වාදයක් නැහැ. අරගලය නිවැරදි ඉලක්කයකට ගන්න, නිවැරදි සටන් පාඨ තෝරන්න, ජයග්‍රහණයෙන් අවසන් කරන්න පූර්ණ වගකීම තියෙන්නේ කම්කරුවන්ට, වෘත්තීයවේදීන්ට. පොදුවේ සමස්ත වැඩ කරන ජනතාව අත තමයි ඒ වගකීම තියෙන්නේ. සටන් දැනුවත් වෙන්නේ වැඩ කරන මිනිස්සුන්ගේ මැදිහත්වීමෙන්. නිවැරදි ඉලක්ක ලැබෙන්නේ කම්කරු ජනයාගේ මැදිහත්වීමෙන්. එක ඇත්ත. ලෝක ඉතිහාසය පුරාම යළි යළිත් තහවුරු කළ ඇත්ත.

අපි අපේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ විදිහටත්, ජාතික ජන බලවේගය විදිහටත්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විදිහටත්, සෙසු සමස්ත වැඩ කරන ජනයාගේ නියෝජිතයෝ විදිහටත් මේ සටන අපි ආරක්ෂා කරනවා. නම් නොදන්නා දහස් ගණනක්, දස දස දහස් ගණනක්, ලක්ෂ ගණනක් නන්නාදුනනා ගැහැනුන් සහ මිනිසුන් මේ දුර්දාන්ත 74 වසර අවසන් කරන්න පාරට බැහැලා. අතට අහුවෙන සටන් පාඨ, හදවතට දැනෙන වචන, ලියන්න පුළුවන් විදිහේ සටන් පුවරු අරගෙන සටන් බිමේ. ප්‍රචණ්ඩත්වය මුදා හරින ආණ්ඩුවේ මැර කල්ලි ඉදිරියේ නිරායුධ දෑත් හිමි මිනිස්සු ධෛර්යෙන් සටන් කරනවා. පාලකයෝ හැංගෙන්න ගුහා හොයනවා. ඇමති බාන් පිටින් අස්වෙන්න මේ විරෝධතා  බලපානවා. මහා පාරේ සටන් කරන ගැහැනුන් සහ මිනිසුන් නිසා ආණ්ඩුවේම විපක්ෂය තුෂ්නිම්භූත වෙලා. ගල්ගහිලා. සිහි මුර්ජා වෙලා. ශිෂ්‍යයෝ පාරේ, ගොවියො පාරේ, පුජකවරු පාරේ. ඊළඟට සමස්ත කම්කරු පන්තියම පාරට එනවා. ඒක කම්කරු පන්තියේ වගකීම. කම්කරු පන්තියේ අයිතිය. හීතලට ගල්ගැහිලා තියෙන සමහරුන්ගේ අතරමග සමාදානකම් යෝජනා පරාජය කරලා මේ රටේ මිනිසුන්ට ආර්ථික, සමාජ, දේශපාලනික විජග්‍රහණය ගෙන ඒමේ වගකීම තියෙන්නේ රටේ සමස්ත වැඩකරන ජනයා අතේ. අපේ වගකීම ඒ සඳහා නිවැරදිව නායකත්වය දීම. ඒ පුළුල් වගකීම ඉෂ්ඨ කරන්න තමයි අපි සමස්ත කම්කරු පන්තියටම මේ මොහොතේ ආරාධනා කරනවා.

සංවාද සටහන : සිසිර යාපා

(උපුටා ගැනීම ‘ලංකා’ පත්තරයෙන්)

ට්‍රක් රථ රියදුරන් ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය වටලයි

0

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය ට්‍රක් රථ රියදුරන් පිරිසක් විසින් වටලා ඇති බව වාර්තා වනවා.

ඔවුන්, රැගෙන ආ ට්‍රක් රථ කිහිපයක් හරස් කර ප්‍රධාන කාර්යාලය ඇතුළු වන දොරටු සම්පූර්ණයෙන් ම අවහිර කර ඇති අතර, මේ හේතුවෙන් ප්‍රධාන කාර්‍යාල භූමියට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට කිසිවකුට හෝ හැකියාවක් නො මැති බව යි වාර්තා වන්නේ.

ස්ථානයේ තරමක කලබලකාරී තත්ත්වයක් වාර්තා වන අතර, පොලිස් නිලධාරින් පිරිසක් ද තත්ත්වය පාලනය කිරීම සඳහා යොදවා ඇති බව සදහන් වනවා.

කබ්රාල්ට රටින් පිටවීම තහනම්

0

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හට විදෙස්ගතවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

හිටපු මහ බැංකු අධිපතිවරයාට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි ද නිකුත් කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල එම නියෝගය නිකුත් කළේ හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් පෞද්ගලික කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මහබැංකු අධිපතිවරයාව සිටියදී මහජන මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න හා නීතිඥ ගුණරත්න වන්නිනායක යන මහත්වරුන් ඇතුළු නීතිඥයින් පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වීය.

“බෙල්ල ගහලා ගියොත් තැල්ල බඳින්න බෑ” – අලි සබ්රි

0

බෙල්ල ගහලා ගියොත් තැල්ල බඳින්න බැරි බව හිටපු මුදල් අමාත්‍ය අලී සබ්රි පවසනවා. ඒ අනුව රට තුළ ඇතිව තියෙන තත්ත්වයට තමා ජනතාවගෙන් සමාව ඉල්ලන බව ද හිටපු මුදල් අමාත්‍ය වරයා කියා සිටියා. අද (07) දින පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මෙම අදහස් පළ කළා.

නිවෙස් තුළ විදුලිය, ගෑස්, ඉන්ධන නොමැති විට එම පීඩනය ජනතාව පිටකිරීම ඉතා සාධාරණ බව ද හිටපු මුදල් අමාත්‍ය වරයා වැඩිදුරටත් කියා සිටියා

”මිනිස්සුන්ට ප්‍රචණ්ඩකාරීත්වයෙන් තොරව, සාමකාමීව විරුද්ධත්වය ප්‍රකාශ කිරීම අයිතියක්. අයිතියක් විතරක් නෙමෙයි. ඒක යුතුකමක්. ඒක අපි පිළිගන්නවා. හැබැයි ඒක ප්‍රචණඩත්වය කරා යනවා නම් අපිට ඒක කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ සිටින රොෂාන් රණසිංහගේ, කෙහෙළිය රඹුක්වැල්ලගේ, කාංචනගේ ඇතුළු මිනිස්සුන්ගේ ගෙවල් වටකරලා ගල් ගහලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ? ඒක පිටිපස්සේ කවුද ඉන්නේ.

මේ තත්ත්වය තේරුම් ගන්න. මට මතකයි ඒ කාලේ අලෙවි මව්ලානා මහත්මයා කියනවා, “තැල්ල බඳින්නත් බෙල්ල තියෙන්න ඕනේ කියලා” බෙල්ල ගහලා ගියොත් තැල්ල බඳින්න බෑ. ඒක නිසා ඔබතුමන්ලා මේ ආර්ථිකය හදන්නත් මේ රට ආරක්ෂා කරගන්න. ඒ නිසා මම නැවත වතාවක් ආරාධනා කරනවා අන්තර් පාලනයකට සම්බන්ධ වෙන්න. ඔබතුමන්ලා සතු විශේෂඥ දැනුම රට වනුවෙන් ආයෝජනය කරන්න.

අද ඔයගොල්ලෝම ඇවිත් හිටගෙන කියනවා ව්‍යවස්ථාවෙන් එළියට ගිහින් විසඳුම් හොයන්න කියලා. අද ඕක කියයි. ඉස්සරහට ඕකෙන් වෙන බලපෑම කල්පනා කරලා බලන්නට ඕනේ. කිසිම මිනිහෙක්ට මේ රටේ ආණ්ඩුවක් කරන්න වෙන්නේ නෑ. අවුරුද්දෙන් අවුරුද්දට මිනිස්සු පාරට ගහයි. මොකද අපි අමාරුම කාලෙක ඉන්නේ. කවුරු ආවාත්, ශක්‍ර දෙයියෝ ආවත්, අපිට වෙනවා විශාල පරිත්‍යාගයක් කරන්න වෙනවා. අපි එකිනෙකාට ඇඟිල්ල දික්කරලා මේකෙන් එළියට එන්න බෑ.

අපේ හර්ෂ මැතිතුමාට අපි ආරාධනා කරනවා මේක ඇවිත් භාරගන්න කියලා. අපි දෙන්නම් ඔබතුමාට ඇවිල්ලා ඔයතුමා කරන්න. අපි උදව් කරන්නම්. ගරු හර්ෂ මැතිතුමනි, ඔබතුමා දන්නවා ඔයතුමන්ලාට හිටිය හොඳම බොස් තමා මංගල සමරවීර මහත්තයා කියලා. මංගල සමරවීර ආර්ථික විද්‍යාඥයෙක් නෙමෙයි. එතුමා හොඳ මුදල් ඇමති කෙනෙක් කියලා ඔබතුමා කියනවා. එරාන් වික්‍රමරත්නත් කියනවා. මම හිතන්නේ ආර්ථික විද්‍යාඥයෙක් වෙන්න ඕනේ නෑ හොඳ මුදල් අමාත්‍යවරයෙක් වෙන්න. හොඳට ඇහුම්කන්න දෙන්න ඕනේ, හොඳට තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි මේ ප්‍රශ්නේ බරපතළකම තේරුම් අරන් තියෙනවා. ඔබතුමන්ලාට අපිත් එක්ක එකතුවෙලා විසඳුම් හොයන්න කියලා ආරාධනා කරලා තියෙනවා.”ලෙස හිටපු මුදල් අමාත්‍ය වරයා කියා සිටියා”

ඩොලරයේ අගය රුපියල් 320 ක් දක්වා ඉහළට

දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 319.99 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කළ අතර ඒ හේතුවෙන් ඩොලරයේ අගය 310 ක් දක්වා පසුගියදා ඉහළ ගියා.

“දේශපාලනය කරනවානම් අපි බය වෙන්න හොඳ නැහැ” – කාංචන විජේසේකර

0

කව්රුහරි හිතනවානම් ජීවත් ආරක්ෂා වෙන්න ස්වාධීන වෙන්න ඕනේ කියලා වඩාත් හොඳම දේ හැටියට හිටපු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මන්ත්‍රීවරයා කියන්නේ එම අය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. මන්ත්‍රීවරයා අද (07) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසුවා.

“දේශපාලනය කරනවානම් අපි බය වෙන්න හොඳ නැහැ. මේ තියෙන අභියෝග වලට අපි මුහුණ දෙන්න ඕනේ.

අපි පැහැදිලිව කියනවා, අපේ පාක්ෂිකයන්ටත් අපි කියනවා, ජනතාවටත් කියනවා අවශ්‍ය විසඳුම් ලබා දෙන්න කටයුතු කරනවා වගේම නොබියව, විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්නේ නැහැ. ඉල්ලා අස්වෙන්න අපි ඉඩ තියෙන්නෙත් නැහැ. අග්‍රාමාත්‍යවරයාත් තව දුරටත් මේ ධුර කාලයේ ඉන්නවා”යි විජේසේකර මන්ත්‍රීවරයා කියනවා.