“රුපියලේ අගය 275 ක් දක්වා අවප්‍රමාණය විය හැකියි” – රනිල් වික්‍රමසිංහ

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම විසින් සකස් කරන ලද වාර්තාව එළඹෙන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයක් පැවැත්විය යුතු බව ඔහු සඳහන් කරනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය මත ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 275 ක් දක්වා අවප්‍රමාණය විය හැකි බවයි.

POPULAR

Recent articles