බැසිල්ට රටින් පනින්න මිලියන 5.3 ක ටිකට් එකක්

‘Silk Route’ මගී නිෂ්කාශන පර්යන්තය හරහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටින් පිටවීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීමත් සමඟ ඔහු වහාම ගුවන් ටිකට්පත් මිලදී ගැනීම පිළිබඳ තොරතුරු කිහිපයක් ද හෙළිදරව් වී තිබෙනවා.

Emirates ගුවන් සේවයේ තොරතුරුවලට අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් (BIA) වොෂින්ටනයට යාමට ඔහුට පළමු පන්තියේ GOLD Membership ටිකට් පතක් නිකුත් කළ බව වාර්තා වෙනවා. Emirates ගුවන් සේවයට අයත් EK-649 ගුවන් යානය සඳහා PCR652 වෙන්කරවා ගැනීමේ යොමුව යටතේ ටිකට් පත නිකුත් කරන ලද්දේ 2022 ජූලි 11 වැනිදා යි. එම ටිකට් අංකය 176 2349819160 යි.

ටිකට් පතේ දක්වා ඇති විස්තර අනුව ඔහුගේ පළමු ගමනාන්තය වූයේ කොළඹ (CMB) සිට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ (DXB) යි. ඊයේ (12) රාත්‍රී 00.15 ට ඇතුළු වීමේ වේලාව ලබා දී ඇති අතර පිටත්ව ගොස් ඇත්තේ ඊයේ අලුයම 3.15 ට ය. DXB වෙත පළමු ගමනාන්තය එදිනම උදෑසන 6.00 ට ළඟා වීමට නියමිතව තිබුණි.

ඊළඟට වෙන්කරගත් දෙවන ගුවන් යානය ඊයේ අලුයම 02.25 ට ඩුබායි සිට ගුවන්ගත වන අතර අද පෙරවරු 8.45 ට වොෂින්ටනයේ ඩලාස් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබෑමට නියමිතයි.

ලැබෙන තොරතුරු අනුව බැසිල් රාජපක්ෂ මහතා 2023 මාර්තු 2 වන දින වොෂින්ටනයේ සිට කොළඹට පැමිණීමට එම ගුවන් සේවයේම තවත් ටිකට් පතක් වෙන් කරවා ගෙන තිබෙනවා.

Emirates ගුවන් සේවයේ EK232 ගුවන් යානයේ පළමු පන්තියේ ටිකට් පතට අනුව 2023 මාර්තු 2 වැනිදා වොෂින්ටනයේ ඩලාස් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වෙන ගුවන් යානය මාර්තු 2, 2023 ඩුබායි හරහා ලංකාවට ඒමට නියමිතයි. යාමට සහ ඒමට Flex Plus ටිකට්පත් ගාස්තුව මිලියන 5.3 ක මුදලක් (රුපියල් 5,302,700) මුදල් බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ගෙවා ඇති බවයි කියන්නේ.

Emirates නිල වෙබ් අඩවියේ ප්‍රවේශපත්‍ර ගාස්තු අනුව, සමහර ගාස්තු රුපියල් මිලියන 5කට වඩා ඉක්මයනවා. කෙසේ වෙතත් ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් වටිනාකම් මත පදනම්ව දිනෙන් දින වෙනස් වන බවයි කියන්නේ. ඊයේ දිනයේ දී Emirates පළමු පන්තියේ ප්‍රවේශපත් ගාස්තුව රුපියල් ලක්ෂ 53කට අධිකයි.

POPULAR

Recent articles