මුද්‍රණ කාඩ්පත් හිඟයක්

මාස 06ක කාලයක් සඳහා නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙයට හේතුව රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් හිඟ වීමයි. ඇණවුම්කර ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත් 450,000ක් ඉදිරි සති කිහිපය තුළ මෙරටට හිමිවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

එම කාලය දීර්ඝ කර ගැනීමට වේරහැර කාර්යාලයට හෝ තමා පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත යොමුවන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කර තිබෙනවා.

POPULAR

Recent articles