මධ්‍යම අධිවේගය ඉදිකිරීමේ ටෙන්ඩරයක් රුපියල් බිලියන 164ක අලාභයකට ලබාදෙයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියේදී ඒ සඳහා ඉදිරිපත් කළ අඩුම ලංසුව ඉදිරිපත් කළ සමාගම වෙනුවට වෙනත් සමාගමක් තෝරා ගෙන තිබෙන බව මාධ්‍ය අනාවරණය කරනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ අදාළ කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේදී ශ්‍රී ලාංකික සමාගමක් ද මූල්‍ය යෝජනා ඉදිරිපත් කර තිබුණා. කෙසේවෙතත් මූල්‍ය යෝජනා විවෘත කිරීමේදී එම සමාගමේ පමණක් මූල්‍ය යෝජනා විවෘත කර ඇති බව තමන්ට දැන ගැනීමට ලැබී ඇති බවයි මේ සම්බන්ධව අදහස් පළකරන අනෙකුත් සමාගමක් පවසා ඇත්තේ.

අදාළ වන ඉදිකිරීම් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1,050 ක් හෙවත් රුපියල් බිලියන 210 ක් පමණක් වය කිරීමට තිබියදී සඳහන් වන ශ්‍රී ලංකා සමාගමට මෙම ඉදිකිරීම් ලබාදුනහොත් අමෙරිකානු ඩොලර් මිලියන 1,872 ක් හෙවත් රුපියල් බිලියන 374 යි දශම 4 ක මුදලක් වය වන බවයි පැවසෙන්නේ. ශ්‍රී ලංකා රජයට එම වැයවන මුදල වසර 15 ක් තුළ ගෙවීමට සිදුවන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙම මාර්ග කොටස ඉදිකිරීම සැලසුම් කර ඇති ශ්‍රී ලංකා සමාගමට ලබාදීමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 822 ක් හෙවත් රුපියල් බිලියන 164 යි දශම 4 ක අලාභයක් ශ්‍රී ලංකා රජයට සිදුවන බවයි කියන්නේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලය පිළිබඳ මෙම කතාබහ මතු වූයේ ඒ වෙනුවෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා දෙකක් අවලංගු කිරීමත්, නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමත්, ඇතැම් තීන්දු හේතුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍යමය පාඩුවක් සිදුවන බවටත් වාර්තා පළ වීමත් සමඟයි.

POPULAR

Recent articles