“ඉන්ධන බෙදා හැරීමේ ගැටලු ඇත්නම් ඒ ගැන මට කියන්න” – ගාමිණී ලොකුගේ

ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳ තමන්ට පවසන ලෙස ලෙස බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

ඒ පිළිබඳ තමා ව පෞද්ගලිකවම දැනුවත් කරන ලෙස ඉල්ලන අමාත්‍යවරයා ඒ සම්බන්ධව තොරතුරු ලබා දීමට තම ජංගම දුරකථන අංකයත් ලබාදී තිබෙනවා.

අමාත්‍යවරයා ලබාදුන් අංක 077-7414241 යන දුරකථන අංකය මඟින් අදාළ ප්‍රශ්නය ගැන බලශක්ති අමාත්‍ය ගාමිණී ලිකුගේ ඇමතීමට හැකියාව ලැබෙනවා. එම ගැටලු විසඳීම වෙනුවෙන් තමා මැදිහත් වන බවයි ඔහු කියන්නේ.

POPULAR

Recent articles