ජුලි මාසයේ උද්ධමනය 66% ඉක්මවයි

ජනලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව විසින් මාසිකව නිකුත් කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය 2022 ජූලි මාසය සඳහා නිකුත් කර තිබෙනවා.

2022 ජූලි මාසය සඳහා ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 66.7% ක්. ඊට පෙර 2022 ජූනි මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය වාර්තා වුනේ 58.9%ක් ලෙසයි. ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 2022 ජූලි මාසයේදී 82.5%ක් වූ අතර 2022 ජූනි මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) වූයේ 75.8%ක්.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 2022 ජූලි මාසයේදී 52.4% දක්වා ඉහල ගොස් ඇති අතර 2022 ජූනි මාසයේදී එය 43.6% ලෙස වාර්තා වුනා.

පසුගිය මාසය හා සංසන්දනය කළවිට, 2022 ජූලි මාසයේ ආහාර කාණ්ඩය යටතේ ඇති කිරිපිටි, සහල්, අලුත් මාළු, බිස්කට් වර්ග, කුකුළුමස්, කරවල, පාන්, සීනි, මිරිස් කුඩු, පළතුරු, අර්තාපල්, ළදරු කිරිපිටි, ටින්මාළු, වියළි මිරිස්, හරක්මස්, අමුමිරිස්, තුනපහ කුඩු, බනිස් සහ බිත්තර ආදී ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වූ අතර එළවළු, පොල්තෙල්, පොල්, ලොකුළුෑණු, රතුළුෑණු සහ දෙහි මිලෙහි අඩුවීමක් වාර්තාවී තිබූ බවයි ඔවුන් කියන්නේ.

POPULAR

Recent articles