“ලෝක සාමය යනු ප්‍රචණ්ඩත්වයෙන් තොර ලෝකය පිළිබඳ අදහසක්” – ශිරන්ති රාජපක්ෂ ලෝක සාම සමුළුව අමතා කියයි

ලෝක සාමය යනු ප්‍රචණ්ඩත්වයෙන් තොර ලෝකය පිළිබඳ අදහසක් බව අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ ලෝක සාම සමුළුව 2022 (කොරියානු අර්ධද්වීපයේ සාමය සඳහා වූ සමුළුව) අමතා ඊයේ (12) ප්‍රකාශ කර තිබෙනවා.

විශ්ව සාම සම්මේලනයේ (UPF) ආරාධනාවකට අනුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වෙන ‘‘ලෝක සාම සමුළුව 2022’’ ට එක්වෙමින් අග්‍රාමාත්‍ය බිරිඳ මේ බව අවධාරණය කළ බවයි කියන්නේ.

“ලෝක සාමය බොහෝ අවදානමකට ලක්ව ඇති අවස්ථාවක සාමය පිළිබඳ අදහස් බෙදා ගැනීමට ආරාධනා කිරීම ගැන ඔබට ස්තුතිවන්ත වෙමි. විශ්ව සාම සම්මේලනය වැනි සංවිධාන ආරම්භ වීමේ ප්‍රතිඵලයක් ලෙස මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන සියලු අභියෝගවලට එරෙහිව සටන් කරමින් අනාගතය සඳහා බලාපොරොත්තුවන සම්පූර්ණ සාමය උදාකරගත හැකි බව මම තරයේ විශ්වාස කරමි.

විශ්ව සාම සම්මේලනය (UPF) යනු සැමට නිදහසේ ජීවත් විය හැකි සාමකාමී ලෝකයක් ගොඩනැගීමට කැප වූ පුද්ගලයන්ගේ සහ සංවිධානවල ගෝලීය ජාලයකි. ඉවසීම තුළ ඇතිවන සහයෝගීතාවය ආචාර ධර්ම පද්ධතියක ප්‍රගතිය සඳහා ඉවහල්වන අතර එය සෞභාග්‍යය උදාකරයි.
විවිධ ආගම්වලට අයත් මිනිසුන් අතර වෙනස්කම් ඇති නොවීම තුළ අවංක යුක්තිය මෙන්ම විශ්වීය සාමය සඳහා පිළිගත හැකි ප්‍රවේශයක් ගොඩනැගෙයි.
ලෝක සාමය යනු තවත් ආකාරයකින් ප්‍රකාශිත සතුට පිළිබඳ සංකල්පය සහ අදහසයි. සියලු ජාතීන් සහ ජාතීන් අතර නිදහස සාමය උදා කිරීමටත් ගැටුම් සහ යුද්ධ අවම කිරීමටත් දායක වී ඇත.

ආර්ථික වර්ධනය සහ මානව වර්ධනය වෙනුවෙන් අප ගන්නා සාම මාවත ගෝලීය සාමය ගොඩනැගීම මෙන්ම සමාජ සමෘද්ධිය උදෙසා පැහැදිලිවම දායක වී තිබේ. සාමය සහ සංහිඳියාව නොපවතියි නම් හෝ නිසි ලෙස ස්ථාපිත නොවූයේ නම් ආර්ථික ස්ථාවරත්වය සහ සංස්කෘතික වර්ධනය සාක්ෂාත් කරගත නොහැකි වනු ඇති බව මාගේ විශ්වාසයයි.

එක්ව ඉදිරියට යෑමේ කැමැත්ත අනුව සහෝදර සහෝදරියන් ලෙස කරට කර සිටිමින් අපට සාමය සඳහා අපගේ බලවේගය ඉදිරියට ගෙන යා හැකිය” යි ශිරන්ති රාජපක්ෂ මහත්මිය පවසා තිබෙනවා.

POPULAR

Recent articles