හර්තාලයට රටම සුදානම්

‘ජන පීඩක, ජන ඝාතක ආණ්ඩුව පන්නමු ! ජන සටන දිනවමු !’ යන තේමාවෙන් හෙට (06) පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට සියල්ල සුදානම් බව ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. ආයතන, වැඩබිම්, පාසල්, බැංකු, පොදු ප්‍රවාහන, දුම්රිය, වතු සේවක මෙන්ම රට පුරාම නගර ආශ්‍රිතවත් මෙම හර්තාලය පැවැත්වෙන බවයි ඔවුන් කියන්නේ.

රට ආර්ථික,දේශපාලනික මෙන්ම සමාජමය වශයෙන් අතිමහත් විනාශයකට ඇද දැමූ දුර්දාන්ත රාජපක්ෂ පවුල් පාලනය ගෙදර යැවීම සඳහා මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කළ බව ඔවුන් පවසනවා.

POPULAR

Recent articles