සූර්ය කුණාටුවකින් SpaceX චන්ද්‍රිකා අඩපණ වෙයි

ඇමරිකාවේ ‘SpaceX’ සමාගම පෘථිවි කක්ෂයේ ස්ථානගත කළ සන්නිවේදන චන්ද්‍රිකා පද්ධතිය ‘සූර්ය කුණාටවක’ බලපෑමට ලක් වී ඇති බවත් එම චන්ද්‍රිකා පද්ධතියට අයත් චන්ද්‍රිකා 40 ක් පමණ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකාවේ නාසා ආයතනය විසින් මේ බව තහවුරු කර තිබෙනවා.

‘SpaceX’ යනු ඇමරිකා බිලියනපති ව්‍යාපාරික එලොස් මස්ක්ගේ අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කරන සමාගම වන අතර නාසා ආයතනය සමඟ ඇති කරගත් කොන්ත්‍රාත්තුවකට අනුව ‘SpaceX’ අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කරනු ලබනවා.

ඒ අනුව 2024 වසරේ නාසා ආයතනය යළි සඳට යනු ඇත්තේත් 2035 වසරෙන් පසු අඟහරු යනු ඇත්තේත් ‘SpaceX’ සමාගම සමඟ හවුලේය.

සූර්ය කුණාටුවෙන් තම චන්ද්‍රිකා 40 ක් හෝ 49 ක් අක්‍රිය වී පාලනයෙන් ගිලිහී ගොස් ඇතැයි ‘SpaceX’ සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.

‘සූර්ය කුණාටු’ යනුවෙන් හැඳින්වෙන්නේ සූර්යයාගේ සිට විහිදෙන විකිරණ සහ චුම්බක තරංගයි.

කෙසේ වුවද අක්‍රිය වූ චන්ද්‍රිකා යළි පෘථිවි වායුගෝලයට ඇතුළු වී ගිනිගෙන පහළට වැටීමට ඉඩ ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වනවා.

POPULAR

Recent articles