“දේශපාලන බලපෑම්වලට යටත් නොවී විශ්‍රාමගැනීම තෝරාගන්නවා” – ඉඩම් කොමසාරිස්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් ආරව්ලක් සාධාරණ ලෙස විසඳීම සම්බන්ධයෙන් උරණ වූ එම දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයකුගේ බලපෑම්වලට යටත් නොවී ක්‍රියා කිරීම නිසා ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට සූදානමින් සිටින අතර තමන් දේශපාලන බලපෑම්වලට යටත් නොවී විශ්‍රාමගැනීම තෝරාගන්නා බව ඉඩම් කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙසේ ඉවතවීමට සූදානම් බව දක්වා ඇත්තේ ඉඩම් කොමසාරිස් කීර්ති ගමගේය.

එම තනතුරට පත්වී මාස 15ක් තුළ ජනතාව වෙනුවෙන් සාධාරණව සේවය කළ බවත් මේ නිසා තමාගේ තනතුර අහිමි කිරීමට හම්බන්තොට ප්‍රබල දේශපාලනඥයකුට අවශ්‍ය වී ඇති බවත් ප්‍රකාශ කර තිබුණා.

ජනතාවට සාධාරණ ලෙස රාජකාරි ඉටුකිරීම නිසා එම තනතුරෙන් ඉවත් කිරීමට අදාල දේශපාලනඥයා පසුගිය 08 වෙනිදා ක්‍රියාකර ඇතත් මේ වනවිට ඊට අදාල නිල ලිපිය නොලැබුණු බව ඔහු සඳන් කරනවා.

POPULAR

Recent articles