දුම්රියේ පාඩුව දිනකට කෝටි දෙකහමාරක්

ඉන්ධන වියදම සිවුගුණකින් ඉහළ යෑම නිසා දුම්රිය දෙපාර්තුමේන්තුවේ දෛනිකව පාඩුව රුපියල් කෝටි දෙකහමාරක් දක්වා ඉහළ ගොස් ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.

ඉන්ධන විදයම ඉහළ යෑමට සිපේක්‍ෂව දුම්රිය ගාස්තු සංශෝධනය නොවීම මෙයට හේතුව බව කී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මීට පෙර රුපියල් කෝටියක් ඉන්ධන වියදම් දරද්දී දෛනික මගී ප්‍රවාහන ආදායම රුපියල් එකහමාරක් වූ බවත්ය.

වර්තමානයේ දෛනික ඉන්ධන වියදම රුපියල් කෝටි 4 ක් වෙද්දී රුපියල් කෝටි දෙකහමාරක පාඩුවක් ලබන බවත් මේ හේතුවෙන් ගාස්තු සංහෝධනයක් කඩිනමින් විය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

ඩීසල් මිල අවස්ථා කීපයකදී ඉහළ ගිය ද දුම්රිය ගාස්තු ඉහළ නොදැමීම නිසා පාඩුව ඉහල ගොස් ඇති බව කී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ බස් ගාස්තුවෙන් 70% ක පමණ දුම්රිය ඉහළ දැමුවහොත් දුම්රිය ලාභ ලබන ආයතනයක් බවට පත් කළ හැකි බවයි.

දුම්රිය ගාස්තු සංශෝධනයක් නොකළ හොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්ෂික පාඩුව රුපියල් කෝටි 2000 ක් පමණ වියහැකි බව ද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර වැඩි දුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles