එජාප ජාතික සංවිධායක ධූරය සාගල රත්නායකට

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු අමාත්‍ය සාගල රත්නායක පත් කර තිබෙනවා.

පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඉහත පත්කිරීම සිදු කර ඇති අතර පක්ෂයේ කළමනාකරණ කමිටුව අදාල පත්කිරීම සඳහා අනුමැතිය දුන් බව එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර කියා සිටිනවා.

පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා නවීන් දිසානායක පත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය මීට පෙර තීරණය කළ ද තනතුර බාර ගැනීම ඔහු ප්‍රතික්ෂේප කිරීම නිසා වසරක පමණ කාලයක් තිස්සේ එම තනතුර පුරප්පාඩු වී පැවතුණා.

එමෙන්ම සාගල රත්නායක ජාතික සංවිධායක ධුරයට පත් කිරීමේ තීරණය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කරගන්නා බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලෙස කටයුතු කළ අතර පුරප්පාඩු වූ එම තනතුර සඳහා පුද්ගලයන් දෙදෙනකු පත් කිරීමට නියමිත බවත් දෙමළ හා මුස්ලිම් නියොජනයක් ලැබෙන පරිදි ඉදිරියේදී එම පුරප්පාඩු පුරවන බවත් එජාප මහලේකම්වරයා වැඩි දුරටත් කියා සිටිනවා.

POPULAR

Recent articles