“යළ කන්නයට ජලය සැපයීමේදී ගැටලු මතුවිය හැකියි” – වාරිමාර්ග අධයක්ෂ

මේ දිනවල පවතින අධික පෑවිල්ල අඛණ්ඩව පැවතියහොත් ඉදිරි යළ කන්නය සඳහා ජලය සැපයීමේදී ගැටලු මතුවිය හැකි බව වාරිමාර්ග අධයක්ෂ ඉංජිනේරු එස්. පී. සී සුගීශ්වර පවසනවා.

ප්‍රමාණවත් ජලය ජලාශවල පවතින බැවින් මෙවර මහ කන්නය සඳහා ජලය සැපයීමට බාධාවක් නොවන බවත් ඔහු පෙන්වා දෙනවා.

දිවයින පුරා ජලාශවල ජල මට්ටම 65% ක පමණ අගයක තිබෙන බැවින් මහ කන්නය සඳහා කිසිදු ගැටලුවකින් තොරව ගොවීන්ට ජලය සැපයිය හැකි බවත් වාරිමාර්ග අධයක්ෂවරයා ප්‍රකාශ කර සිටිනවා.

සේනානායක සමුද්‍රයේ ජල මට්ටම 44% කුත්, හුරුලු වැවේ ජල මට්ටම 54% කුත්, නාච්චිදූව වැවේ ජල මට්ටම 90% කුත්, රාජාංගනය වැවේ ජල මට්ටම %92 කුත්, පදවිය වැවේ ජල මට්ටම 90% කුත් ලුණුගම්වෙහෙර ජලාශයේ ජල මට්ටම 47% කුත් පමණ තිබෙන බවද වාරිමාර්ග අධයක්ෂවරයා වැඩි දුරටත් පෙන්වා දෙනවා.

POPULAR

Recent articles