ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනන්‍යතා වැඩසටහනට ඉන්දියාවෙන් ප්‍රතිපාදන

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් අනන්‍යතා වැඩසටහන සඳහා ඉන්දියානු ප්‍රතිපාදන ලබාගැනීමට දෙරට අතර, ගිවිසුමකට එළඹීමට නියමිතයි.

අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා අද (08) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ඩිජිටල් හා භෞතික පරිසරයන් තුළ පුද්ගල අනන්‍යතාවය තහවුරු කළ හැකි හඳුනාගැනීමක් එම ඩිජිටල් අනන්‍යතා රාමුව යටතේ හඳුන්වා දීමට ද නියමිතව තිබෙනවා.

මේ මගින් සියිබර් අවකාශයේ සැරිසරන්නන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමේ හැකියාව පවතිනවා.

මිට අමතරව මෙරට පුද්ගලයින්ගේ ජෛවමිතික දත්ත මත පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීම එම ව්‍යාපෘතියේ අරමුණයි.

2019 දෙසැම්බර් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේ දී එම ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ ප්‍රදානයක් ලබාදීමට එකඟත්වය පළ කර තිබුණා.

මේ පිලිබදව අද (08) කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමකදී රමේෂ් පතිරණ කියා සිටියා.

POPULAR

Recent articles