යුක්‍රේන රූපවාහිනි කුළුණකට ප්‍රහාරයක්

යුක්‍රේනයේ කිව් අගනුවරට රුසියානු හමුදාව එල්ල කළ ප්‍රහාරයෙන් රූපවාහිනී කුළුණකට හානි සිදුවී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තාක්ෂණික මධ්‍යස්ථාන ඇතුළු කිව් නගරයේ ප්‍රධාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවට ඊයේ (01) රුසියාව විසින් අනතුරු ඇඟවීමක් කරනු ලැබුවා.

එමෙන්ම රුසියානු හමුදා ට්‍රක්රථ විශාල සංඛ්‍යාවක් යුක්‍රේනයේ කිව් අගනුවර දෙසට ධාවනය කරන අයුරු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප පෙළක් ද මේ වන විට මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන හාර්කිව්හි නිදහස් චතුරස්‍රයට එල්ල වූ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 10 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

මේ අතර රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම මිලේච්ජ ක්‍රියාවක් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පෙන්වා දෙනවා.

POPULAR

Recent articles