”මේ ආණ්ඩුව උපරිම මාස හයයි” – වාසුදේව නානායක්කාර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ මෙම ආණ්ඩුව පවත්වාගෙන යා හැක්කේ උපරිම මාස හයක් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.

තමන් විසින් එම නියත විවරණය ලබා දෙන ඔහු කියා සිටියා. ඒ බොරැල්ලේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින්.

තවද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවතත් දේශපාලනයට පැමිණීම අනුවණ කමක් බවත් හිටපු ජනාධිපතිවරයාට සැනසීමෙන් ඉන්න ඉඩ ලබාදීමට කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් ඔහු තව දුරටත් එහිදී පැවසුවා.

POPULAR

Recent articles