”මේ ආණ්ඩුව කල් ඉකුත් වුණ ආණ්ඩුවක්” – චරිත හේරත්

වත්මන් ආණ්ඩුව නීත්‍යානුකූල නොවන සහ කල් ඉකුත් වූ ජනවරමක් නැති ආණ්ඩුවක් බව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.

ඛණිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළ යුතු ආයතන දෙකක් නමුත්, එවැනි ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම සඳහා නීත්‍යානුකූල රජයක් තිබීම මූලික අවශ්‍යතාවයක් බව ඔහු පෙන්වා දෙනවා. එම නිසා පවතින ආණ්ඩු සැලැස්ම තුළ ප්‍රතිසංස්කරණ හඳුන්වා දියහැකි යැයි සිතිය නොහැකි බවත් Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටිනවා.

POPULAR

Recent articles