ණය කල්දාගන්න ජනපති ජපානයට යයි

ශ‍්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සහ ආර්ථික අර්බුදය කේන්ද්‍ර කර ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් දකුණු ආසියානු මුදල් අමාත්‍යවරුන්ගේ සමුළුවට මැනිලා නුවර පවත්වනු ලබනවා. කෙසේ වෙතත් සැප්තැම්බර් 25 වැනිදා මැනිලා නුවරට පිටත් වීමට පෙර, ජනාධිපතිවරයා ජපානය වෙත යාමට තීරණය කර තිබෙනවා. එහිදී ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ජනාධිපතිවරයාගේ අරමුණේ මූලික ප‍්‍රථිපලයක් ලෙස ජපාන අග‍්‍රාමාත්‍යවරයාව ටෝකියෝ නුවර දී හමුවීමට නියමිතයි.

චීනය, ඉන්දියාව ඇතුළු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ද්විපාර්ශ්වික ණය හිමියන්ට මෙරට ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජපානය නිල වශයෙන් ආරාධනා කර තිබෙනවා.

මේ අතර ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත් වූ කාර්ය මණ්ඩල සාකච්ඡාවලින් අනතුරුව, ඩොලර් බිලියන 2 යි දශම 9ක මූල්‍ය සහන පැකේජයක් මාස 48ක් ඇතුලත ලබා දීමට පසුගියදා එකඟතාවය පල කළා.

එහිදී ශ‍්‍රී ලංකාව තුළ කඩිනම් ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇති විය යුතු බව සහ බාහිර ණය හිමියන් සමඟ එකඟතාවන් ඇති කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය අපේක්ෂා කර ඇති බව Economy Next වෙබ් අඩවිය වාර්තා කරණවා.

POPULAR

Recent articles