තුර්කි විදේශ ඇමති දිවයිනට

තුර්කි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මෙව්ලුට් චැවුෂෝලු නිල සංචාරයක් සඳහා අද (28) දිවයිනට පැමිණ තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා පවසන්නේ ඔහු සමග තවත් සාමාජිකයින් 9 දෙනෙකු ද දිවයිනට පැමිණි බවයි.

දිවයිනට පැමිණි තුර්කි විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගෙන ඇත්තේ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය හා ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා ඇතුළු පිරිසක් විසිනුයි.

කෙසේ වුවද සිය එක් දින නිල සංචාරය නිමා කරමින් තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා දූත පිරිස අද (28) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත වනවා.

POPULAR

Recent articles