චැතම් වීදියේදී විරෝධාකරුවන් පිරිසක් අත්අඩංගුවට

ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමය අද විරෝධතාවක නිරත වුණා. ඒ කොළඹ චැතම් වීදිය අසල මාර්ගයේදී.

ඔවුන් කියා සිටියේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් තමන් අසීරුතාවට පත්ව ඇති බවයි. කෙසේ වෙතත් තත්වය උණුසුම් වීමත් සමග එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් ඇතුළු පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව කොටුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් ප්‍රදීප් චාල්ස් ඇතුළු සිව්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

POPULAR

Recent articles