රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිත නිවාඩු

ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට උපරිම වසර 05ක කාලයක් සඳහා වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට දේශීය වශයෙන් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබ තිබුණේ 2022 ජුනි මස 13 වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ තීරණය අනුවයි.

ඒ අනුව වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබාදීම සඳහා වන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අද (06) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවුණා.

POPULAR

Recent articles