”චීන පොහොර නැවට ගෙවපු සල්ලි නැවත ගන්න බෑ” – කෘෂිකර්ම ඇමති

පසුගිය ආණ්ඩුව පැවති කාලයේ චීන පොහොර නැවට ගෙවීම් සිදුකළ ලක්ෂ 69ක මුදල නැවත ලබා ගත නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කළේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

මෙය විසඳාගත හැකි තත්ත්වයක් පෙනෙන්නට නොමැති බවත් රටට පාඩුවක් සිදුවී ඇති බවට පිළිගැනීමට සිදු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

POPULAR

Recent articles