” කනාමුට්ටි මුට්ටි ගහන ආණ්ඩුවකි – මුහුදට බිලිවෙන්න යන ඇමතිනියකි ” | A5 Review | 05 .11.2020

” කනාමුට්ටි මුට්ටි ගහන ආණ්ඩුවකි – මුහුදට බිලිවෙන්න යන ඇමතිනියකි ” | A5 Review | 05 .11.2020

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ කාට නැතත් මැටි මුට්ටිවලට නම් හොඳ කලක් උදා විය. මැටි ඇමතිවරයාගේ වැඩපිළිවෙළට සහය වනු පිණිස පසුගිය කාලයේ දී මෙරට ජනතාව මැටි මුට්ටි භාවිතයට වැඩි වැඩියෙන් පෙළබුණි. මැටි මුට්ටි භාවිත කළ හැක්කේ ගෙදර දොරේ වැඩ වලට පමණක් නොවේ. පඹයන් සෑදීමට ද මැටි මුට්ටි යොදාගනී. පඹයාගේ හිස සෑදීමට ඇතුළත් කිසිවක් නැති හිස් මුට්ටි යොදාගන්නා නිසා පඹයන් සහ මුට්ටි අතර ඇත්තේ වෙන්කළ නොහැකි සම්බන්ධයකි. මීට අමතරව කණා මුට්ටි බිඳීම වැනි ක්‍රීඩාවලට ද මුට්ටි යොදාගනී.

කොරෝනා දෙවන රැල්ල ආරම්භයේ දී ආණ්ඩුව ක්‍රියා කළේත් හරියට කණා මුට්ටි බිඳින්නා සේය. විසිවන සංශෝධනය නමැති රෙදි පටින් දෑස් බැඳගෙන සිටි ආණ්ඩුව කණා හිතෙන හිතෙන තැනට පොල්ලෙන් ගසන්නා සේ හිතෙන හිතෙන තැනට ඇඳිරිනීතිය දැමුවා මිසක තත්වයෙහි බරපතළකම තේරුම් ගෙන විදිමත් ආකාරයෙන් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට කටයුතු කළේ නැත.

දැන් ඉතා වේගයෙන් කොරෝනා මරණ ගණන ඉහළ යද්දී ආණ්ඩුව කණා මුට්ටි සෙල්ලම නතර කර වෙනත් මුට්ටි සෙල්ලමක් පටන් ගෙන තිබේ. එය නම් පිරිත් පැන් මුට්ටි සෙල්ලමයි. ලෝකයේ රටවල් විද්‍යාත්මක දැනුම සහ තාක්ෂණය උපයෝගී කරගනිමින් කොරෝනා වෛරසයට එරෙහිව ඖෂධයක් සොයද්දී අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරිය කරන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් පිරිත් පැන් මුට්ටි ගෙන ගොස් ගංඟාවලට අතහැරීම ය. ලෝකයේ දියුණු රටවල වෛද්‍ය විද්‍යාත්මක දැනුමට පවා මෙල්ල නොවූ කොරෝනා වෛරසය පිරිත් පැන් මුට්ටියකින් මෙල්ල කළ හැකි බව සෞඛ්‍ය ඇමතිතුමිය සිතනවා නම් එය බෞද්ධ විශ්වාසයන් විශ්වාස කරන්නන් හෑල්ලුවට ලක් කිරීමකි..

#A5_REVIEW
#A5_CHANNEL_SRI_LANKA

POPULAR

Recent articles