පෘථිවිය වටා වට තුනක් ගිය ශ්‍රී ලංකාවේ සරල ජනාධිපතිවරයා !

පෘථිවිය වටා වට තුනක් ගිය ශ්‍රී ලංකාවේ සරල ජනාධිපතිවරයා !

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය
වසර 05ක ධුර කාලය අවසන් වනවිට ලොව වටා
වට තුනක් ගමන් කළ හැකි ප්‍රමාණයේ දුරක් ශ්‍රි
ලංකා ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටර් යානා
භාවිත කරමින් ගමන්කර තිබෙන බව ‌තොරතුරු
දැනගැනීමේ පනත යටතේ හෙළිවුණා.

සිය ධුර කාලයෙන් පසු සරල දිවි පෙවතක් ගත කිරීම
උදෙසා, බෝල්පොයින්ට් පෑනෙන් 2015 ජනවාරි මස 08
වනදා ජනපතිකම ආරම්භ කළ ජනාධිපති
මෛත්‍රිපාල සිරිසේන මේ වනවිට ඔහුගේ සරල බව ශ්‍රි
ලාංකිය ජනතාවට පසක් කරමින් සිටිනවා.

ඒසේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාහට
ජනාධිපතිකම ලබාදීමෙන් අනතුරුව මැදමුලන පිහිටි
සිය වලව්වට ගිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ
මහතා ඒම වසරේදීම අගෝස්තු මස පැවති

මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක්
දරමින් පසුගිය වසර 05ක කාලය ගත කලා.

සිය දේශපාලන සංවාද වලට බෞද්ධ පාඨ
යොදාගනීමින් සිරිසේන ජනාධිපතිවරයා සරල බව
අලෙවි කලේ සුවහසක් ශ්‍රි ලාංකිය ජනතාවගේ සිත්
ඇඳ බැඳ තබමින්.

ඔහු පැවසුවේ සිය ධුර කාලය නිමවීමෙන් පසු සිය
ගම වු පොලොන්නරුවේ සිට අල්පේච්ඡ ජීවිතයක් ගත
කරන බවයි.

ඒබස් පැවසු ඔහු වර්තාමානය වනවිට කොළඹ 07
පිහිටි කෝටි ගණනක් වටිනා නිවසක හිමිකාරීත්වය
දරන්නේ ලාංකීය ඉතිහාසයේ සරලම
ජනාධිපතිවරයාගේ භූමිකාව නිරූපණය කරමින්.

එකී සරල ජීවිතයේ විදෙස් සංචාර එතුමා කිසිවිටෙත්
අමතක නොකලේය.

සරල ජනපතිගේ සරලකම දක්වමින් ලංකාව තුළ
ගුවන් සංචාරවල වාර්තා අද වනවිට හෙළිදරව්ව
වන්නේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටර්
යානා මගින් කිසිදු ගෙවීමකින් තොරව සිරිසේන
ජනපතිවරයා ගුවන් ගමන් 557ක් සිදුකරමින්.

ඒ අනුව වසරකට සාමාන්‍ය වශයෙන් ගුවන් ගමන්
111ක් සදහා හෙළිකොප්ටර් භාවිතා කර ඇති අතර
ඔහු තම ධුර කාලයේ දී පමණක් නාවික සැතපුම්
70884ක්, ඒනම් කිලෝමීටර් 131277කට අධික ගුවන්
ගමන් ප්‍රමාණයක් ගමන් කර තිබෙනවා.

ප්‍රථිවියේ මුළු පරිධිය කිලෝමීටර් 40030 දශම 17ක්
වනවා.

ඒ් අනුව සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රි ලංකා ගුවන්
හමුදාව් යානා භාවිතා කරමින් ගුවනින් කළ සංචාර
සැළකිමේදී ලෝකය වටා තුන්වරක් ගමන් කිරීමට

හැකි දුරක් කිසිදු අය කිරීමක් නොමැතිව ගොස්
ඇත්තේ සරල ලෙසිනි.

ඒවන් සරල ජනාධිපතිවරයෙකු මෙවර
මහමැතිවරණයට ඒක්ව නැවත පාර්ලිමේන්තු මන්‍ත්‍රි
ධුරයක් අපේක්ෂා කරන්නේ තමාට සිදුකිරීමට
නොහැකි වු කටයුතු සිදුකිරීමටද? ඒසේත් නොමැතිනම්
බලය අතහැර දේශපාලඥයෙකුට ජීවත්වීම සිදුකළ
නොහැකි නිසාදැයි ජනතාව අද ප්‍රශ්න කරයි.

POPULAR

Recent articles