මැතිවරණයට කෝටි 700 ක් මදි වෙයි ද ?

මැතිවරණයට කෝටි 700 ක් මදි වෙයි ද ?

සෞඛ්‍ය අංශවල නිර්දේශ වලින් පමණක් මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණයක් පැවැත්වීමට ඇති හැකියාව සලකා බැලිය යුතු බවත් ජාතික ජනබලවේගය පවසනවා.
එසේම දේශපාලන විශ්ලේෂකයන්ගේ හා දේශපාලන පක්ෂවල අදහස් ද මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීරණය කිරීමට වැදගත් වන බවයි ජාතික ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා පවසන්නේ.
කෙසේවෙතත් පෙර ගණන් බලා තිබූ කෝටි 700‍ මෙන් දෙගුණයක මුදලක් මේ තත්ව යටතේ මැතිවරණයක් පැවැත්වීමට වියදම් වනු ඇති බවත් මැතිවරණයක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පැවැත්වීමට නම් සියලු පාර්ශවවලට තරඟ කළ හැකි වාතාවරණයක් ඇති විය යුතු බවයි ඊයේ බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/

POPULAR

Recent articles