රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස 61 දක්වා දීර්ඝ කෙරේ !

රජයේ වෛද්‍යවරුන් විශ්‍රාම යාමෙ වයස අවුරුදු 60 සිට 61 දක්වා දීර්ග කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් මහතා පවසන්නේ මෙරට පවතින වෛද්‍ය හිඟය, මෙම තීරණයට හේතුව වූ බවයි. තවද අවශ්‍යතාවය මත අනෙකුත් ඇතැම් වෘතීන්වලද විශ්‍රාම යාමේ කාලය වයස අවුරුදු 60 සිට 61දක්වා ඉහළ දැමීමට, ජනාධිපතිගේ උපදෙස් අනුව කමිටුවක් පත් කළ බවද ඒ මහතා පවසනවා. අදාළ කමිටු වාර්තාව ලැබෙන තුරු රජයේ වෛද්‍යවරුන්ගේ පමණක් විශ්‍රාම වයස 61 දක්වා වැඩි කිරීමට තීරණය කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ. අමාත්‍යවරයා මේ බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා.

POPULAR

Recent articles