“තව මාස තුනකට පස්සේ බොහෝ දෙනෙක් මැරෙයි” – මහින්ද අමරවීර

තවත් මස තුනක් අවසානයේ බොහෝ දෙනෙකු මිය යනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මේ බව සඳහන් කර ඇත්තේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ආණ්ඩුවට අනතුරු ඇඟවීම් සිදු කළ බවත් එම අනතුරු ඇඟවීම් කිසිවක් ගණන් නොගනිමින් තම පක්ෂයට අපහාස කරමින් පොදුජන පෙරමුණේ පිරිස හැසිරුණු බවයි මන්ත්‍රීවරයා කියන්නේ.
ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ හිඟකමින් ඉදිරියේදී විශාල පිරිසක් මිය යනු ඇති බව පවසා සිටි මහින්ද අමරවීර මන්ත්‍රීවරයා මේ සඳහා ඇති එකම විසඳුම සර්ව පාක්ෂික පාලන ක්‍රමයක් නිර්මාණය කිරීම බව පවසනවා.

රාජපක්ෂ පාලනය විසින් විනිවිද ප්‍රසම්පාදනය ක්‍රියාවලියෙන් ගෙන් බැහැරව දූෂිත ගනුදෙනු සිදු කළ අවස්ථා රැසක් ඇති බව සඳහන් කළ මන්ත්‍රීවරයා එම අවස්ථාවන් වලදී ඊට එරෙහිව හඬ නැගුවා නම් ඇතැම් විට අද තමන් ජීවතුන් අතර නොසිටින්නට ඉඩ තිබූ බවයි කියන්නේ. රටේ අභ්‍යන්තර අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා සර්වපාක්ෂික අන්තර්වාර පාලනයක් බිහි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය පක්ෂය අත්වැල් බැඳ නොගන්නේ නම් තම පක්ෂය ද පොදුජන පෙරමුණ ප්‍රමුඛය ආණ්ඩුව සමඟ කිසිදු එකඟතාවයකට නොපැමිණෙන බව ඔහු පවසා තිබෙනවා.

POPULAR

Recent articles