ඇඳිරි නීතිය ඉවත් කිරීම ගැන රනිල් කතා කරයි !

ඇඳිරි නීතිය ඉවත් කිරීම ගැන රනිල් කතා කරයි !

කොරෝනා අර්බුදය මැඩලීම සඳහා ලොව සෑම රටකම සමාජ දුරස්ථභාවය ක්‍රියාත්මක වෙමින් තිබෙන මොහොතක මෙරට තුළ ඇඳිරි නීතිය ඉවත් කරමින් එම දුරස්ථභාවය ඉවත් කරන්නේ කුමන හේතුවකින් දැයි පැන නැගී ඇති ප්‍රශ්නයට රජය පිළිතුරු සැපයිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ශයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සමාජ දුරස්ථභාවය ඉවත් කළ යුත්තේ වෛද්‍ය සංගම්වල උපදෙස් අනුව වන අතර එසේ කිරිමට නම් දිනකට අවම වශයෙන් පරීක්ෂණ 3000 ක් වත් සිදුකළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. කොරෝනා හඳුනාගැනීම සඳහා වන පරීක්ෂණ වැඩි නොකර සමාජ දුරස්ථභාවය අඩු කළහොත් සිතනවාටත් වඩා අර්බුධකාරී තත්ත්වය ඇති වන බැවින් මීට වඩා සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ඒ මහතා රජයට අවධාරණය කර සිටිනවා.

තවද රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පරිත්‍යාග කිරීම තුළින් ඇති වී තිබෙන අර්බුදය විසඳාගැනීමට හැකිවන තරම් රටතුල පවතින්නේ සුළු ගැටලුවක්ද යන්න රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් විමසා සිටිනවා. වැන්දඹු හා අනත්දරු ඒකකයට සිය වැටුප් ලබා දීමෙන් රටේ ඇතිවන ආර්තික ශක්තිය කුමක්ද වැනි ජනතාවගේ ප්‍රශ්නවලට ආණ්ඩුව පිලිතුරු සැපයිය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles